*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ත්‍රී රෝද රථ ගාස්තු යළි ඉහළට. මෙන්න නවතම තත්ත්වය! (VIDEO)

මේ වන විට කුලී ත්‍රීරෝද රථ ගාස්තු පාලනයකින් තොරව ඉහළ ගොස් තිබෙන හෙයින් එය කර්මාන්තය පවත්වාගෙන යාමට මෙන්ම පාරිභෝගික ජනතාවටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන නිසා ජාතික ගමන ගමන කොමිසම තවදුරටත් ඉබි ගමනින් නොයා වහාම මැදිහත්වී එය පාලනයකට ගෙන ආ යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

මේ වන විට ඇප් මඟින් රැකියාව සිදුකරන ත්‍රී රෝද රථ රියදුරන් මෙන්ම ඇප් හෝ මීටර ගාස්තු නොමැතිව ධාවනය කරන ත්‍රිරෝද රථ ඔවුන්ට අවශ්‍ය පරිදි ග්ස්තු වැඩි කර තිබෙන බවත් පළමු කිලෝමීටරයට රු. 250ක වැනි මුදලක් අය කරමින් තිබෙන බවයි ධර්මසේකර මහතා පැවසුවේ.

ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් කුලී ත්‍රීරෝද රථ ගාස්තුවද සංශෝධනය කිරීමට සිදු වූ අතර එහිදී පළමු කිලෝ මීටරයට රු. 100ක් සහ දෙවන කිලෝමීටරයට රු 90 ක මුදලක් අය කිරීමට එකඟතාවක් ඇති කර ගත් නමුත් මීටර ගාස්තු අය කරන ත්‍රී රෝද රථ වලද එය පළමු කිලෝමීටරයට රු. 120ක් සහ දෙවන කිලෝමීටරයට රු 100ක් ලෙස ගාස්තුව වැඩි කරගෙන තිබෙන හෙයින් කුලී ත්‍රී රෝද රථවලින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට පෙර ගාස්තු විමසන ලෙස ධර්මසේකර මහතා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට කුලී ත්‍රිරෝද රථ සේවය අයාලේ යමින් තිබෙන හෙයින් තවදුරටත් එය පවත්වාගෙන යාම සඳහා විධිමත්
නියාමනයක් සිදුවිය යුතු බවයි ඔහු පෙන්වාදුන්නේ.

එළඹෙන 01 වැනිදා සිට බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන් ලියාපදිංචි කරමින් එම සේවාව නියාමනය කිරීමට සැලසුම් කර තිබෙන හෙයින් එහිදී මෙම සේවාව වඩා විධිමත් කරගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇතිකරගත යුතු වන බවද ඔහු අවධාරණය කළේය.

2013 වසරේදී ප්‍රවාහන ඇමතිවරයා ලෙස කුමාර වෙල්ගම මහතා ත්‍රී රෝද රථ සඳහා ගාස්තු සමාලෝචන කමිටුවක් පත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කර අතර එය පසුව නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන ඇමතිවරයා ලෙස පත් වීමෙන් පසු ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් බරපතල වරදක් සිදු වූ බවයි ලලිත් ධර්මසේකර මහතා කියාසිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan