සජබ 20 ක් එක්ක ආණ්ඩුවට යන කතාව බොරුවක් – සජබ ලේකම් කියයි

Date:

සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ හෝ ආණ්ඩුවට එකතුවීමේ කිසිදු සූදානමක් නොමැති බව එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සමග රංජිත් මද්දුමබණ්ඩාර මහතා ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බවට ඇතැම් පුවත්පත් වාර්තා කර තිබූ අතර එවැනි සූදානමක් පිළිබඳව සමාජ මාධ්‍ය හරහාද දැඩිලෙස කතාබහට ලක්ව තිබේ.

පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් හරහා රටේ අර්බුදවලට විසඳුම් සෙවීමට සමගි ජන බලවේගය යෝජනා කර ඇති බවත්, එසේ තිබියදී ඇමතිකම් ලබාගෙන තවත් බරක් ජනතාව පිට පැටවීමට සූදානම් නොමැති බවත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරනවා.

සමගි ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට යද්දී එය ඉවසා ගත නොහැකි ඇතැම් කණ්ඩායම් මෙවැනි අසත්‍ය පුවත් පළකොට පක්ෂය දෙකඩ කිරීමේ සැළසුමක් දියත් කරමින් සිටින බව පෙන්වා දෙන සජබ ලේකම්වරයා පවසන්නේ එවැනි කඩාකප්පල්කාරීන්ගේ බලාපොරොත්තු කිසිවිටෙකත් ඉටු නොවන බවයි. සමගි ජන බලවේගය යනු එසේ කඩා බිඳ දැමිය හැකි පක්ෂයක් නොවන බව ඔවුන් මතක තබා ගත යුතු බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...