අරගලයට සහාය දුන් ස්කොට්ලන්ත තරුණිය අතුරුදන් ! ආගමන විගමන නිළධාරීන් රටම පීරයි !

Date:

ගෝල්ෆේස් විරෝධතාවයට සහාය දීම හේතුවෙන් වීසා අවලංගු කර තිබූ ස්කොට්ලන්ත ජාතික තරුණිය මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඇයට අගෝස්තු 15 වැනිදාට පෙර රටින් පිටවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීන් දැනුම් දී තිබූ අතර කෙසේ නමුත් මේ දක්වා ඇය රටින් පිටව ගොස් නොමැත.

Kayleigh Fraser නමැති මෙම කාන්තාව ගෝල්ෆේස් විරෝධතාවයට සහාය දක්වමින් සමාජ ජාලා මාධ්‍ය හරහා අදහස් දක්වා තිබූ අතර මේ හේතුවෙන් ඇයගේ වීසා අවලංගු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබිණි. ඊට එරෙහිව ඇය අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබූ නමුත් එම පෙත්සම ඉවත දැමීමට අධිකරණය තීරණය කළේය.

අදාල තරුණිය තාවකාලිකව රැඳී සිටි ස්ථානයේද නොමැති බවයි වාර්තා වන්නේ.

අගොස්තු 15 වැනිදා වනවිට රටින් පිටව යන්නැයි නිකුත් කර තිබූ නියෝගය කඩකිරීම හේතුවෙන් Kayleigh Fraser අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ආගමන විගමන නිළධාරීන් තීරණය කර තිබෙනවා. ඇය අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් එම නිළධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ...

සෘජු විදේශ ආයෝජන වල කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : අද (20) පෙරවරුවේ...

බලාපොරොත්තු සියල්ල මොහොතකට අතැර බොහෝ පිරිස් සමුදෙන ඊශ්‍රායලය!

රෂිකා හෙන්නායක ජූනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  මේ දිනවල...