*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

මේ රටට අවශ්‍ය පශු සම්පත් නිෂ්පාදන කටයුතු ප්‍රායෝගිකව සිදු කල හැකි, වැඩ ලෝකයට ගැලපෙන පිරිසක්

මහාචාර්ය (වෛද්‍ය ) ටී. සංජීව ප්‍රසාද් ජයවීර , අංශ ප්‍රධාන- පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයනාංශය, කෘෂිවිද්‍යා පීඨය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය,

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය කෘෂිවිද්‍යා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ පශු සම්පත් නිෂ්පාදන කුසලතා වර්ධනය කරන අතරම සරසවි ප්‍රජාවගේ සුභසාධනය ඉහළ නංවමින් ඔවුනට පහසු මිළට ගුණාත්මක බ්‍රොයිලර් කුකුළු මස් ලබා දීම සඳහා ඉවහල් වන, සතුන් දහසක ධාරිතාවයෙන් යුතු නව බ්‍රොයිලර් කුකුළු පාලන ඒකකයක් රුපියල් මිලියන 4.4. ක පමණ වියදමින් සරසවි ගොවිපොලෙහි ඉදිකරන ලද අතර එය සත්ව පාලන කටයුතු සඳහා ගොවිපොල වෙත පවරා දීම සබරගමු සරසවි උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙහි බ්‍රොයිලර් කුකුළු මස් නිෂ්පාදන කටයුතු මුළුමණින්ම කෘෂි උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් මගින් සිදු කෙරෙන අතර මෙම සතුනට අවශ්‍ය බ්‍රොයිලර් ආහාරද ගොවිපොල තුළදීම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවනු ලබයි.


රටේ ජනතාවගේ බදු මුදලින් සරසවි වෙත ලබා දී ඇති දැනුම සහ සම්පත් සරසවි සිසුන්ට ඉගැන්වීමේ කටයුත්තට පමණක් සීමා නොකර, රටේ පොදු මහජතාවට සේවයක් ඉටු කිරීම සඳහා ද යොදා ගනිමින් සබරගමුව සරසවියේ පශු සම්පත් නිෂ්පාදන දෙපාර්තමේන්තුව මගින් දුරස්ථ සහ බාහිර ඉගැන්වීම් ඒකකය හරහා අරඹන ලද ලංකාවේ පළමු පශු සම්පත් නිෂ්පාදන උසස් ඩිප්ලෝමා පාඨමාලාව ද මේ වන විට ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ සරසවියකින් සමාජයට මෙවැනි ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා දීම අතිශයින් වැදගත් කොට සැළකිය හැකි නිසාම සබරගමුව සරසවියේ පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයනාංශෙයේ අංශ ප්‍රධානී මාහාචාර්ය (වෛද්‍ය) සංජීව ප්‍රසාද් ජයවීර සමඟ එම ව්‍යාපෘතිය ගැන වගේම මාංශ නිෂ්පාදනය වැනි කරුණුවලදී ශ්‍රී ලංකාවේ සමාජීය බලපෑම ගැනත් අවධානය යොමු කරමින් සාකච්ඡා කරන්නට අපි උත්සාහ කළෙමු.

සබරගමු විශ්ව විද්‍යාලීය සත්ව නිෂ්පාදන අංශය මේ වන විට නිෂ්පාදන අලෙවි කරන තැනට පැමිණ තිබෙනවා.විශ්ව විද්‍යාලයක් හැටියට මේ ප්‍රවේශය ලබා ගැනීම වෙනස් නේද?


ඔව්, සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක කෙරෙන්නේ අධ්‍යයන සාමාසික වලට අදාලව විෂය සමගාමී ප්‍රායෝගික කටයුතු සිදු කිරීම පමණයි. ඒවා වාණිජ වශයෙන් අලෙවි කරන නිෂ්පාදන නිපදවන ප්‍රායෝගික කටයුතු ලෙස සිදු කිරීම සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයන අංශය මගින් මේ වන විට ආරම්භ කර සාර්ථකව කරගෙන යනු ලබනවා.


සත්ව ආහාර මිල ආදිය වැඩි ගාණක් වෙච්චි මොහොතක මේ භාණ්ඩවල සාමාන්‍ය වෙළදපොළට වඩා මිල අඩුවෙන් දෙන්නෙ කොහොමද?


පශු සම්පත් නිෂ්පාදන වල මිළ ඉහල යාමට ප්‍රධාන හේතුව සත්ව ආහාර වල මිළ ඉතා විශාල ලෙස ඉහල යාමයි. එලෙස මිල ඉහල යාමට හේතුව එම සත්ව ආහාර නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විදෙස් රටවලින් ආනයනය කරනු ලබන ඒවා නිසයි. මෙම තත්වයට පිළියමක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලය සත්ව ආහාර නිපදවීමට ගන්නා ආනයනික අමුද්‍රව්‍ය වෙනුවට දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීම අත්හදා බැළුවා.උදාහරණයක් ලෙස බ්‍රොයිලර කුකුළන් සඳහා ආහාර නිපදවීමේදී යොදාගන්නා ආනයනික මාළු කුඩු වෙනුවට අපේ රටේ අපතේ යන ද්‍රව්‍යයක් වන මාළු අපද්‍රව්‍ය යොදාගෙන මාළු කුඩු නිපදවීම සිදු කලා.ඒ මගින් සත්ව ආහාර වල මිල විශාල ලෙස අඩු කරගත හැකි වූ නිසා බ්‍රොයිලර් කුකුළු මස් අඩු මිලට දීමට හැකි වුනා.
දැනට පාරිභෝගිකයන් ප්‍රමාණය කොපමණ පිරිසක් ඉන්නවද?


දැනට විශ්වවිද්‍යාලයේ සේවක ප්‍රජාවට පමණක් මෙම නිෂ්පාදන අලෙවි කිරීම සිදු කරන අතර එය ඩිජිටල් තාක්ෂණය භාවිත කර ඇප් එකක් මගින් ඇණවුම් ලබාගෙන සිදු කරනවා. ඒ සඳහා 350 ක පමණ සරසවි සේවක මහතුන් පිරිසක් මෙ වන විට ලියාපදිංචි වී එම සේවාව ලබා ගනිමින් සිටිනවා.


විශ්ව විද්‍යාලයක් විදිහට මෙවැනි නිෂ්පාදන කිරීම සහ අලෙවි කිරීම රටට වැදගත් වන්නේ කොහොමද?
සැබැවින්ම අද මේ රටට අවශ්‍ය වන්නේ පශු සම්පත් නිෂ්පාදන කටයුතු ප්‍රායෝගිකව සිදු කල හැකි, වැඩ ලෝකයට ගැලපෙන පිරිසක් බිහි කර ගැනීම. ඒ සඳහා විශ්විද්‍යාලයක් ලෙස රැගෙන තිබෙන මෙම නව පියවර මගින් රටට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහිත උපාධිදාරීන් බිහි කිරීම සිදු කරනවා. ඒ අය මෙරටට දී භාන්ඩ නිපදවීම සිදු කර රටේ නිශ්පාදනය වැඩි කිරීම හෝ විදේශ ගත වී මුදල් උපයා මෙරටට එම මුදල් සම්ප්‍රේශණය කිරීමට හැකි පිරිසක් බවට පත්වීම සිදු වනවා. එය අද දවසේ මේ රටට අවශ්‍යම කරුණක්.
විද්‍යාර්ථීන්ට මෙයින් ලැබෙන පලය කුමක්ද?

සබරගමුව විශ්ව විද්‍යාලය සරසවි සිසුන්ගේ සත්ව පාලන සහ පශු සම්පත් නිෂ්පාදන ප්‍රායෝගික දැනුම ඉහළ නැංවීම පිණිස සතුන් දහසක ධාරිතාවයෙන් යුතු නව බ්‍රොයිලර් කුකුළු පාලන ඒකකය විවෘත කළ අවස්ථාව


අපේ රටේ විද්‍යාර්ථයින්ට තිබෙන ප්‍රධාන චෝදනාවක් තමයි ඔවුන්ගේ පවතින අඩු ප්‍රායෝගික දැනුම. මෙම වැඩ පිළිවෙල තුළින් ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම ඉහළ දමන නිසා එය ඔවුන්ට හිතකර ලෙස පමණක් බලපායි.

බොහෝ වෙලාවට රැකියා අපේක්ෂාවෙන් උපාධියක් ලැබීම තමයි අපේ රටේ සම්ප්‍රදාය වී තිබෙන්නෙ.මෙවැනි ව්‍යාපෘති හරහා ඊට වඩා වෙනස් විෂය දැනුම සහිත ව්‍යවසායකයන් බිහි විය හැකිද?


ඔවු. මෙම දැනුම සහිත පිරිසක් විශ්විද්‍යාල මගින් බිහි වන විට ඔවුන් රැකියා ඉල්ලගෙන යන පිරිසක් නොවී තවත් අයට රැකියා ජනනය කරවන ව්‍යවසායකයින් පිරිසක් බවට පත්වීම සිදු වනු ඇති.


විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයට වඩා ප්‍රායෝගික විසදුම් සෙවීම සඳහා දෙන අධ්‍යාපනයක් හැටියට මේ නිෂ්පාදන කාර්යය හදුන්වා දෙන්න පුළුවන්.මේක රජයේ වෙනත් විශ්ව විද්‍යාලත් අනුගමනය කළ යුතු පිළිවෙතක් නෙමෙයි ද?
සැබැවින්ම එය එසේ කල හැකි නම් විශාල ජයග්‍රහණයක් ලෙස සලකනවා.
රජය මැදිහත්ව මෙවැනි ක්‍රියාකාරකම් සහිත විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් මේ රටේ ස්ථාපිත කිරීම කළ යුතුයි කියා ඔබ සිතන්නේ නැද්ද?


පැහැදිලිවම ඔවු. ඒ සඳහා රජයේ උදව් ලබා ගත හැකියි. නමුත් මෙම කාර්යයන් සිදු කිරීම කල යුත්තේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන් සහ සිසුන් විසින්මයි.

කුකුළන්ගෙන් නොනැවතී වෙනත් සතුන් මස් සඳහා යොදා ගැනීමේ නිෂ්පාදන කරන්න යොමුවන්නේ නැද්ද?ඒකට ආකල්පමය වශයෙන් රටේ සමහර බලවේග දරණ මත ගැටළුවක් වීමට ඉඩ තිබෙනවා නේද?
ඇතැම් සත්ව වර්ග මස් පිණිස යොදා ගැනීම පිළිබඳව සමාජීය සහ ආගමික බාධාවන් පවතිනවා. නමුත් කුකුළන්ට අමතරව වටු කුරුල්ලන්, කළුකුම් සහ ආහාරමය මත්ස්‍යයන් යන සතුන් මස් පිණිස ඇති කිරීම පිළිබඳව දැඩි විරෝධතා නැහැ. ගවයා සහ සූකරයන් ගැන ගැටළු තිබෙනවා.

ඉන්දියාව වගෙ රටක් ගවයා දෙවියාය කියා අදහන බව තමයි භාහිර ලෝකය දන්නෙ.නමුත් ගවමස් අපනයනයේදී ඔවුන් ලෝකයේ තරගකාරීම රටවල් අතර ඉදිරියෙන් සිටිනවා.රටේ ව්‍යාපාරයක් විදිහට විශාල විදේශ ආදායමක් රටට ගෙනවිත් දෙනවා.මෙවැනි තත්ත්වයක් ලංකාවේ කරන්න අමාරුයි නේද?

ඉන්දියාවේ විවිධ සංස්කෘතීන් සහිත ජනවර්ග විශාල වශයෙන් ඉන්නවා.එහිදී ඔවුන් ගවමස් නිෂ්පාදනයට බලපෑමක් නැති ප්‍රදේශ ඒ සඳහා යොදා ගන්නවා.ලංකාවේ ගව මස් කර්මාන්තය දියුණු කිරීමට ඇති හොඳම ප්‍රදේශය තමයි නැගෙනහිර පළාත. එහි ඒ පිළිබඳව විරෝධතාවයක් නොමැතිව සිදු කල හැකියි. ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි.

සරසවියක ජාතික මෙහෙවර ඉටු කරලීමක් ලෙස ඔබ මෙවැනි ව්‍යාපෘති ගැන හැදින්ව්මේදී පෞද්ගලිකව අදහස් දක්වා තිබෙනවා අප දැක තිබෙනවා.මේ වැඩේට ඇත්තටම විශ්ව විද්‍යාලයෙන් මොන වගෙ සහයක්ද ලැබෙන්නෙ?

සරසවියක ජාතික මෙහෙවර ඉටු කරලීමක් සඳහා ඇවැසි මෙම පහසුකම් ලබා දීමට මූල්‍ය අර්බුදකාරී අවස්ථාවක පවා නොපැකිලව කටයුතු කරන උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතාටත්, ඒ සඳහා සහාය ලබාදෙන අධ්‍යයන, පරිපාලන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් පශු සම්පත් නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියා හැටියට මම වගේම එහි සියළුම දෙනාත් ස්තූතිවන්ත වෙනවා.


LNW විශ්වාස කරන ආකාරයට,සැබවින්ම මහාචාර්යවරයා තබන ස්තූතිය ඊට වඩා පළල්ව රටෙන්,සබරගමුව විශ්ව විද්‍යාලයේ පශු සම්පත් ව්‍යාපෘති වෙත ලැබිය යුතු එකක් බව මේ සාකච්ඡාවේ දක්වා තිබෙන කරුණු අනුව අපට හැඟී යනවා.මේ වන විටත් සරසවිවල ශිෂ්‍ය ආධාර ලෙස ලැබෙන බොහෝ වරප්‍රසාද සිසුන්ට අහිමිව තිබෙන සහ අවිධිමත්ව තිබෙන මොහොතක කෘෂි අධ්‍යයන අංශයෙන් පිටත පිරිසට ද සහභාගි විය හැකි ආදායම් ලැබිය හැකි කාර්යයක් ලෙස මෙවැනි කටයුතු කෙරහි,විශ්ව විද්‍යාල යොමු වීම වැදගත් කොට සිතිය හැකියි.එසේම වීශ්ව විද්‍යාල ද,ඉදිරියේදී ස්වාධීනව යැපෙන ආයතන බවට පත් කිරීමේ යම් යම් දේශපාලන ව්‍යාපෘති ද ක්‍රිියාත්මක වෙමින් පවතින තත්ත්වයක ඊට එරෙහිව සටන් කිරීම වගේම වඩාත් ප්‍රායෝගික වූ අධ්‍යයන ක්‍රියාකාරකම් සඳහා සරසවි ඇඳුරන් මෙන්ම සරසවි සිසුන්ද අවධානය යොමු කිරීම ද,ඊට එරෙහිව සටන් කිරීමේ ක්‍රියාවලියට එකතු කර ගැනීම විනා, හුදෙක් සටන් පාඨම ප්‍රමාණවත් නොවනු ඇති බවත් දැනෙමින් පවතින සත්‍යයක් ලෙස හැඳින්විය හැකියි.

මහාචාර්ය සංජීව ප්‍රසාද් ජයවීර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan