හෝමාගම කර්මාන්තපුරයේ ගින්න ගැන හෙලිදරව්වක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හෝමාගම කටුවාන ප්‍රදේශයේ, ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් ගින්නට හසුවීමෙන් මෙසේ විනාශවී ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ සහ කෝට්ටේ ගිනිනිවන ඒකකවල ගිනිනිවන රථ 07ක් යොදවා තිබු අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකයේ රථ ද යොමුකර තිබුණි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසූවේ ගින්න පාලනය කිරිම සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට යුද හමුදා කණ්ඩායමක් යොමු කළ බවත් ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවන අතර හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

තවද, හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති අතර කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...