සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සමගි ජන බලවේගය, කළුතර ආසන සංවිධායක අජිත්.පී.පෙරේරා මහතා විසින් සංවිධානය කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අද (18) දිනදී අ සිදුවූ බව වාර්තා වේ.
වර්තමාන සෞඛ්‍ය සේවාවට මෙන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට තම ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට මෙම සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දී නිසි පරිදි සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි රජයට බල කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
කළුතර ශික්ෂණ රෝහලෙන් ඖෂධ ලබාගැනීමට පැමිණි රෝගීන් සහ ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා ජනතාව විශාල පිරිසක් මෙම අත්සන් ලේඛනයට අත්සන් තැබූ බව වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??