මිලියන 15.5 ක ඇෆ්ගන් වැසියන් දැඩි ආහාර අර්බුදයක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ වාර්තාවක් උපුටා දක්වමින් Tolo News වාර්තා කර ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ පවතින ආර්ථික හා මානුෂීය අර්බුදය මධ්‍යයේ, රටේ මිලියන 15.5 ක ජනතාවක් දැඩි ආහාර අර්බුදයකින් පෙළෙන බවයි.

ඇෆ්ගනිස්ථානයේ පසුගිය වසර තුන තුළ පැවති නියඟය සහ පසුගිය වසර දෙක තුළ ඇති වූ ආර්ථික අර්බුදය රටේ ජනතාවගේ අවශ්‍යතා ඉහළ නංවා ඇති බව පවතින අර්බුදය සම්බන්ධයෙන් වාර්තාව සඳහන් කර තිබේ.

TOLO News වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඇෆ්ගනිස්ථානයේ මිලියන 2.7 ක ජනතාවක් සාගතයට මුහුණ දී සිටින බවයි .

ආර්ථික විද්‍යාඥයෙකු වන සෙයාර් කුරේෂි පවසා තිබෙන්නේ කෙටි කාලීනව, ඉස්ලාමීය එමීර් රාජ්‍යය ,ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර ලබා දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කතා කළ යුතු අතර මානුෂීය අර්බුදයක් එමගින් වළක්වා ගත යුතු බවයි.

නමුත් තලේබාන් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ, සංවර්ධන අංශයට ජාත්‍යන්තර ආධාර ලබා දී නොමැති බවයි.

මීට අමතරව, රටේ පවතින ආර්ථික අභියෝගවලට එරෙහිව කටයුතු කිරීම සඳහා අමාත්‍යාංශය විශාල ආර්ථික ව්‍යාපෘති දියත් කර ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එපමණක් නොව, කාබුල් වැසියන් ආර්ථික ගැටලු සමඟ කටයුතු කරන බවත් ඔවුන් සඳහා ව්‍යවසායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් , ඇෆ්ගනිස්ථානයේ මිලියන 16 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආහාර සැපයීමට ඉන්දියාව ලබා දෙන උපකාරයට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (UNWFP) ස්තූතිය පළ කර ඇති බවද TOLO News සඳහන් කර තිබෙනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...