*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

Pick Me ප්‍රමිතිය ඈවරයි ද?

කොළඹ LNW: මේ වන විට කොළඹ ඇතුළු තදාසන්න නාගරික ප්‍රදේශවල ඉතාමත් බහුලව භාවිතා වන ප්‍රවාහන සේවාවක් වන Pick Me ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් විවිධ ආකාරයේ පැමිණිලි වාර් තා වෙයි.

විධිමත් ලෙස ප්‍රවාහන සේවාව සපයන ආයතනයක් ලෙස එය පසුගිය කාලය පුර ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

පෞද්ගලිකව යතුරු පැදියේ සිට මෝටර් රථයක හිමිකාරීත්වයක් ඇති බොහෝ දෙනා මෙම සේවාව සමඟ එක්ව සිටියි.

එහෙත් ඇතැම් රියදුරන්ගේ වගකීම් විරහිතභාවය විසින් Pick Me සේවාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන්නේ නොසතුට මුසු ප්‍රතික්ෂේපිත හැඟීමකි.

විශේෂයෙන් මෝටර් රථ මඟින් කුලී ප්‍රවාහන සේවාව සපයන ඇතැම් රියදුරන් සිය වාහනයේ නඩත්තුව මෙන්ම තමන් සම්බන්ධයෙන් පාරිභෝගිකයා තුළ ඇතිවන ආකල්පය හෝ ධනාත්මක පැත්තට යොමුකර ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.

සේවාව සම්බන්ධයෙන් පැහැදීමක් ලැබීමට සේවාව සපයන්නාගේ හැසිරීම ද ඉතා වැදගත්ය.

කෙසේවෙතත් නුදුරු දිනකදී ලංකා බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර් ය උදය ශ්‍රී කාරියවසම් මහතාට ද Pick Me සේවාව සම්බන්ධයෙන් ලබන්නට සිදුව ඇත්තේ ඉතාම අමිහිරි අත්දැකීමකි.

ඔහු එය සටහන් කොට තබා තිබුණු අතර Pick Me ආයතනය වෙත පැමිණිලි කර තිබුණද ඒ සම්බන්ධයෙන් ආයතනයක් ලෙස ගත් ක්‍රියාමාර් ගයක් ගැන හෝ ඔහුව දැනුවත් කිරීමට කටයුතු කර නැත.

ඒ අනුව මුදල් අයකරමින් සිදුකරන පාරිභෝගික සේවාව හෝ නිසි ලෙස සිදුකිරීමට නොහැකි නම් එවැනි ආයතන තවදුරටත් රටේ ක්‍රියාත්මක විය යුතු නැති බවට වන ස්ථාවරයේ ඔහු පසුවෙයි.

කාරියවසම් මහතාට අත්විදින්ට සිදු වූ දේ ඔහු සටහන් කර තිබුණේ මෙපරිදෙනි.

”අද උදේ Pick Me කාර් එකක් බුක් කළා. ටික වේලාවකින් කාර් එකක් සෙට් වුණා. පස්සෙ මිනිහ මගෙන් ඇහුව booking එක කැන්සල් කරන්නද කියල. මම හා කියල වෙන කාර් එකක් book කර ගත්තා. කැන්සල් කරපු ඩ්‍රයිවර් මට කෝල් කරල කියනව booking එක කැන්සල් කරන්න කියල. මම කිව්ව කැන්සල් කරන්න කිව්වෙ මම නෙවෙයි ඔයානෙ ඒක නිසා ඔයාම කැන්සල් කරගන්න කියල. ඊට පස්සෙ මිනිහ මට දිගටම කෝල් ගන්නව. මම ආන්සර් කළේම නෑ. අමු කුණුහරපෙන් බැනල මට SMS එකක් එවල ඊට පස්සෙ.

මම Pick Me එකට complain කළා. Pick Me එකෙන් මට කිව්ව ඔය කියන Driver ගැන කලිනුත් Complain තියෙනව කියල. වැලිකඩ පොලීසියටත් Complain කළා මම.

සල්ලි ගෙවල යන මිනිස්සු බැණුම් අහගන්නත් ඕනෙ. කාර් එකට නැග්ගම සමහර ඩ්‍රයිවර්ල කියනව AC වැඩ කරන්නෙ නෑ කියල. කාර් ඇතුළේ හඩු ගඳයි.. ඩ්‍රයිවර්ල කොට කළිසම් ඇඳගෙන සීට්වල ඉඳගන්න අප්පිරියයි. කිසිම ප්‍රමිතියක් නෑ.

පළවෙනි කාර් කාරයගෙ කතාව ඒක. දෙවැනියට book කලා..ඩ්‍රයිවර් booking එක ගත්ත. ටික වෙලාවකින් කියනව ටයර් එකක ප්‍රශ්නයක් booking එක භාරගන්න බෑ කියල..

තුන්වෙනි booking එක දැම්ම. ටික වෙලාවකින් කෝල් කරල කිව්ව petrol ගහගෙන එන්නම් වෙලා යයි කියල..කමක් නෑ කියල ඉඳල මිනිහ එක්ක ගියා. බහින කොට කියනව මාරු සල්ලි දෙන්න එයා ළඟ කීයක්වත් නෑ කියල.

Pick me තාම මට කතා කලේ නෑ.

මගී ප්‍රවාහනය හරියට කරන්න බැරිනම් වෙන රස්සාවක් කරන්න ඕනෙ.Pick Me සමාගම දැනගන්න ඕනෙ නිතර මේ කාර් වල තත්ත්වය පරීක්ෂා කරන්න.

ළඟදීම මේ සමාගමට විරුද්ධව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනව මම. මේ වගේ සමාගම් වහල දාන්න කටයුතු කරන්න ඕනෙ.”

Pick Me ආයතනය පාර්ශවයෙන් ඔවුන්ගේ ගණුදෙනුකරුවෙකු වන කාරියවසම් මහතාට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ඔහු විසින් නැවත ආයටනයේ කළමනාකරුවෙක් සම්බන්ධ කරගනිමින් තමන්ට සිදුවන සාධාරණය කුමක්දැයි දැඩිව විමසා තිබෙන නමුත් මෙකි ආයතනය පාර්ශවයෙන් එවැනි නම්‍යශීලිභාවයක් දක්වා නැත. රියදුරුට වගකීම පටවමින් ඔහුගෙන් තවදුරටත් සේවය ලබා නොගැනීමට තීරණය කළ බව එකී කළමනාකරු පවසා ඇතත් වෘත්තීය ගරුත්වය හෝ තබාගනිමින් ”සමවෙන්න ” හෝ පවසා නැත. සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් සුළු අත්වැරදීමක් සිදුවුවද ඊට ප්‍රතිචාර දක්වන්නේ සමාවෙන්න යනුවෙන් පවසමිනි.

කෙසේවෙතත් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට ද පැමිණිල්ලක් කර තිබේ. පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කිරීම, එය නොසලකා හැරීම හිතන තරම් සුළු දෙයක් නොවේ. බොහෝදෙනා මෙවැනි සිදුවීම් අප්‍රසාදයෙන් යුතුව බැහැර කළද මෙවැනි අසාධාරණයන් හමුවේ ඊට විරෝධය දක්වමින් සාධාරණය ඉටු කරගැනීම දක්වා සටනක යෙදෙන්නේ නැත. එහෙත් කාරියවසම් මහතා වැනි ගණුදෙනුකරුවන් සෙසු සියලුම ගණුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට මැදිහත්ව සිටියි.

Pick Me ආයතනය පමණක් නොව මෙරට කුලී ප්‍රවාහන සේවය සලසන තවත් ජාත්‍යන්තර ආයතනයක් ක්‍රියාත්මක අතර එයද ඉතා ප්‍රසිද්ධ සේවාවකි. එහෙත් එහි ගුණාත්මක තත්ත්වයද Pick Me ආයතනයට නොදෙවෙනි නැත. Pick Me සේවාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මෙරට ආයතනයක් හෝ පවතින නමුත් එකී සේවාවට අදාළව එවැනි තත්ත්වයක්හෝ නැත. එහි අනාරක්ෂිත බව වැඩිය.

කෙසේවෙතත් එම ආයතනය සම්බන්ධයෙන් ද ඉදිරියේදී පැමිණිලි කෙරෙනු ඇති අතර මෙලෙස පාරිභෝගික සේවාව නොසලකා හැරීම ගැන පාරිභෝගික සේවා අධිකාරියට ද පැමිණිලි කිරීමට නියමිතය.

මෙවැනි තත්ත්වයන් නිවැරදි කිරීම සඳහා ආයතනයක් ලෙස මැදිහත්වන්නේ කෙසේද යන්න අප එම ආයතනයේ 114507500 දුරකථන අංකයෙන් විමසීමක් කළ අතර එහිදී ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන්ට ඒ පිළිබඳ කිසිවක් පැවසිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා 0114507518 යන දුරකථන අංකයට විමසන ලෙස දැනුම් දුන්නද එම දුරකථන අංකයෙන් එම ආයතනයේ කිසිවෙකු හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan