ඇමති ලෝකේ වටේ ගියත් සංචාරකයෝ එන ප්‍රමාණය මදි – මෙන්න හේතුව

Date:

කොළඹ LNW: සංචාරක ඇමතිවරයා ලෝකේ වටේ ගිහින් සංචාරක කර් මාන්තය ප්‍රවර් ධනය කළද සංචාරක පැමිණීම වැඩි නොවන්නේ එම ක්ෂේත්‍රයේ පවතින සැබෑ ගැටළු හඳුනා නොගැනීම නිසා යැයි පාර් ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) නිදහස් ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එහිදී මන්ත්‍රීවරයා පවසන්නේ 2018 වසර වන විට මෙරට සංචාරක කර් මාන්තය ආශ්‍රිතව හොඳ මට්ටමේ ලියාපදිංචි හෝටල් කාමර 52000ක් පමණ පවත්වාගෙන ගෙන ගියද මේ වන විට එය 20,000කට පමණ අඩු වී තිබෙන බවයි.

ඒ අනුව හොඳ මට්ටමේ සංචාරක හෝටල් කාමර 30,000ක් පමණ අක්‍රීය වී පවතින අතර ඒ බංකොලොත් වීම නිසා හෝ වසා දැමීම නිසා සිදුවිය හැකි බවත් ඒ අනුව සංචාරක කර් මාන්තය ආශ්‍රිතව මූලික ප්‍රශ්නය මෙය බවත් එය රජය වටහා ගෙන නොමැති බවත් ගොඩහේවා මහතා කියාසිටියි.

විපක්ෂ නායක කාර්යාලයේදී පවතී කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් හා ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාවකදී මේ බව අනාවරණය වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...