*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ඉන්දියන් සාගර තරගාවලියේ වොලිබෝල්වල්ට ලංකාවෙනුත් මාල දිවයිනට තල්ලුවක්

ඉන්දියන් ඕෂන් තරගාවලිය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් බවට පත් කරමින් එම තරගාවලියට සහභාගි වන දෙවන කණ්ඩායමට ද අත්දැකීමක් වන්නට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම්වලට දායක වන්නට අවස්ථාවක් ලැබිණ.සයිප්‍රස් කාන්තා සහ පිරිමි කන්ඩායම විශාල වියදමක් දරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් පිරිමි කණ්ඩායම පරාජයද කාන්තා කණ්ඩායම තියුණු තරගකාරී තරග කිහිපයකින් පසු ජයග්‍රහණයද රැඟෙන යාමට සමත් විය.
ඉනික්බිතිව ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම්වලට මාල දිවයින වොලිබෝල් කණ්ඩායමවලට පහසුකම් සපයන්නට ඉදිරිපත් වන්නට සිදු වූයේ ද,ඉන්දියන් ඕෂන් තරගාවලිය ඉලක්ක කර ගෙන ඔවුන් බලාපොරෙත්තු වූ සැළසුම් සාක්ෂාත් කර ගැනීම පිණිස සහය වීමටය.ඒ වෙනුවෙන් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් ටිකට් පතේ සිට සහය දෙමින් තමන්ගේ අවශ්‍යයතාවය සපුරා ගන්නට ඉදිරිපත් වූ අතර ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට කටයුතු කරන්නට සිදු වූයේ කණ්ඩායම් සාමාජිකයින් මාල දිවයිනේ ද අතුරුදහන් වේ යැයි යන සැකයෙන් බරපතල ගිවිසුම්වලට එළැඹෙමින්ය.
මාල දිවයිනට පහසුකම් සැපයීමේ මිත්‍රයෙක් ලෙස කාලයක් හැසිරෙන මාල දිවයින අද ශ්‍රි ලංකාව අභිබවා කේෂ්ත්‍ර ගණනාවකින් ඉදිරියට පැමිණ තිබේ.ඒ අනුව අද ශක්තිමත් ආර්ථිකයක් සහිතව ශ්‍රී ලංකාවේ ජනතාවට වෘත්තීය අවස්ථා ඇති රටක් බවට මාල දිවයින පත්ව තිබේ.එවැනි දේශපාලන ආශිර්වාදයක් සහිත රටක් බවට මේ රට පත් කර තිබෙන දේශපාලන ධාරාවේ නියමුවෝ,රටට කීර්තියක් දෙමින් අන් රටවල් අභිබවා යා හැකි පිරිස් සොයා ගත හැකි ක්‍රීඩාවට, තමන්ගේ වරදින් රටට අත් වූ ඉරණම නිසා මේ රටේ පුරවැසියන්ට යහපත පිණිස රට අතහැර යන්නට සිදුවීම ක්‍රීඩාවේ වරදක් සේ සළකමින් ක්‍රීඩකයා පීඩාවට පත් කිරීම ජයටම කරගෙන යයි.
අර්ජුන රණතුංග වැනි මේ අවාසනාවන්ත දේශපාලනයේම පරිච්ඡේදයක පේලි කිහිපයක් හෝ ලියැවි කෙනෙක් කරන්නේ ද මේ අවස්ථාවේ තමන් නියෝජනය කළ ක්‍රමය ආරක්සා කරමින් ක්‍රීඩකයින් පැන යාමට පාර හදපු එවුන්ව රකිමින්,හදපු හේතුව ඔස්සේ පැන යන්නන් විවේචනය කිරීමය.මාල දිවයිනට ගියත් ලංකාව අත හැරලා යන්න හිතෙන බව පාලකයන්ටම දැනී නීති රීතිවලින් හිර කරන ක්‍රීඩාවේ නියෝජනයන් යළිත් මාල දිවයිනේදී දේශපාලකයා විසින් රටට අත් කර දී තිබෙන පරාජයන් මැකෙන්න ජයග්‍රහණය කරනු දකින්නට ලැබිණ.
කාන්තා කණ්ඩායම තරග 3 – 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිරිමි කණ්ඩායම ද තරගාවලිය 3 – 0 ක් ලෙස නිමාවට පත් කරන්නට සමත් විය.පිරිමි කණ්ඩායම්වල අවසාන තරගයේදී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ තරග වට 3 – 0 ක් ලෙසය.ලකුණු තත්ත්වය සටහන් වූයේ 25 – 18,25 – 20 සහ 25 -21 ලෙසයි.පළමු තරග ද්විත්වයේදී විරයාගේ සම්මානය පිළිවෙලින් මහේල ඉන්දීවර සහ ලසිඳු මෙත්මාල් දිනා ගත් අතර තෙවන ජයග්‍රහණයේ දී විරයා බවට පත් වූයේ මලීශ රවිශාන් ය.
මාල දිවයින මේ තරගාවලිය හරහා වොලිබෝල් ක්‍රීඩාවට පමණක් නොවන ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ට විශාල පාඩමක් උගන්වා තිබෙනවා.ඔවුන්ට පියවරක් හෝ ඉදිරියෙන් සිටින කණ්ඩායමක් සමඟ තරග කරමින් ඔවුන්ට ඉගෙන ගන්නට සහ පෙරට යන්නට අවශ්‍ය දැනුම සහ භාවිතය මේ අයුරෙන් ඔවුන් වැය කරමින් ඉගෙන ගන්නවා.දිනෙක අප නැවතී සිටියදී පාපන්දුවලදී මෙන්ම වොලිබෝල්වලදී ද ඔවුන් අප පසු කර යනු සැක නැහැ
මාල දිවයින මේ ගතවෙන මොහොතේත් සිය භුමියේ ජාත්‍යන්තර තරගාවලි පවත්වමින් සහ සහ සංවිධානය කරමින් සිටිනවා.ශ්‍රී ලංකාවේ පිරිසක් ද සහභාගි වන මාල දිවයින් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියෙන් මාල දිවයින් ක්‍රීඩකයින් ඉගෙන ගනිමින් සිටින අතර රට ඒ පුහුණු අධ්‍යයනයක් ලෙස සිය රටේ ක්‍රීඩකයන්ට අනාගතයේ දවසක ජය ගන්නට ලබා දෙන දිරිය සහ උත්තේජනය අමිලයි.
මාල දිවයින පරාජය කරමින් ක්‍රීඩකයින් ආපසු පැමිණිය ද මේ මජර ගොහොරුවේ එබී සිටින පුරවැසියන් තව දුරටත් මඩම නෙළුම් සේ සළකා පුදන දේශපාලන චරිත සමඟ රටට පරාජයම අත් කර දෙනු ඇති.එවිට මාල දිවයිනට නොව මුහුදට බැස්සත් පනින්න හැදුවා යැයි මිනිස්සු කුදලාගෙන යන තැනට තමන්ගේ පාලනයම අවිශ්වාස නායකයින් සහ ඒ නිසා රටම අවිශ්වාස කරන ලෝකයක් හමුවේ නැවත කීර්තිය වෙනුවෙන් දොර ජනෙල් විවර කරන්නට ක්‍රිඩාව මේ පොළවේ සිට කළ හැකි පහසුකම් ඇති විෂයක් බවට පත් කළ යුතුයි.ඒ විශ්වාසය ඇති කළ යුතුයි.


තමන්ට අවශ්‍යය පදවලට අඩව් කස්තරම් ඇල්ලීම ක්‍රීඩාවේ ජීව ගුණය සහ විනය ලෙස සිතා කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යවරයෙක් සහ එයින් යැපෙන තමන් සම්බන්ධ ක්‍රීඩාවන් හී නියැලෙන අය අතර ජනප්‍රියත්වය පිරිහුණ චරිත සමඟ මාල දිවයිනේ චින්තනය අභ්‍යාස කළ හැකියැයි සිතිය නොහැකියි.නමුත් රටටත් ක්‍රිඩාවටත් ආදරේ කරන අයෙක් වේනම් එවැනි චින්තනයක් නොමැති වුව ඇති කර ගැනීමට කැමති අයෙකුට මේ රටේ ක්‍රිඩාවේ වගකීම් බෙදී යන ක්‍රමයක් ඇති කළ හැකියි.


අපට වාසිදායක වන විදිහට ඉන්දියන් ඕෂන් තරගාවලිය වෙනුවෙන් අපේ රටේ කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් දෙකට පහසුකම් සපයන්න හැකියාව ලැබුණත් අපේ රටේ ක්‍රිඩාවලට පහසුකම් සපයන නිවැරදි ක්‍රමවේදවලට යන්න,ක්‍රීඩකයාට සුරක්ෂිතභාවයක් දැනෙනාකාරයෙන් හැසිරෙන්න ශ්‍රී ලංකාවේ පාලකයන්ට නොදැනෙන දේ සමඟ ජාත්‍යන්තර අභියෝගවලට වඩා අමාරුවෙන් සටන් කරන්න ශ්‍රී ලංකාවේ ක්‍රිඩාවට සිඳුවීම අභාග්‍යයක් නොවන්නේද යන්න මාල දිවයින සහ සයිප්‍රස් තරගාවලි දෙකම හරහා දැනෙන කම්පනය ක්‍රිඩකයන් ලැබූ ජයග්‍රහණයන් පරාජය කිරීමකි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan