මම ජනාධිපති වුණාම අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේනවා. මහබැංකු වංචාවට රනිල්වත් උසාවි ගේනවා – අනුර

Date:

තමන් ජනාධිපති ධුරයට පත්වූ පසුව මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති, සිංගප්පූරුවට පළාගොස් සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ලබාගන්නා කට උත්තර අනුව ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතාව ද අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.

“මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, ආ …. දියාපියෝ (සිනාසෙයි). අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ …

මං එක උත්තරයක් කියන්නම්. මහබැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා මේ ගණුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහබැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා. අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා.

ඒ නිසා එයා ඇහුවනේ කරන්නේ මොකක්ද කියලා. කරන ප්‍රධානම වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍රන්ව ගේනවා. උසාවිය කටඋත්තර ගන්නවා. ඊළඟට ඔයත් ගේනවා. ඔච්චරයිනේ. මේක වැඩිය කියන් නැතුව කරන්න හිතන් හිටියේ. අහපුවාම නොකියා බැහැනේ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කිරිබත්ගොඩදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...