නිශාන්ත මුතුහෙට්ටිගමට එජාපයේ ලොකු තනතුරක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කර තිබේ.

ඊට අදාළ පත්වීමේ ලිපිය අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ප්‍රදානය කරන ලදී.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන්, ඩබ්. බී. ඒකනායක එජාප අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. තිස්සකුට්ටිආරච්චි සහ පී. දේවක වීරසිංහ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙසත් අද දිනයේදී පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...