හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ තුසිත හල්ලොලුව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) දිනයේදී වරෙන්තු නිකුත් කර තිබිණි.

ඒ, නාරාහේන්පිට ප්‍රදේශයේදී ඔහු සහ ඔහුගේ නීතීඥයා ගමන්ගත් වාහනයට වෙඩිතබා ලිපිගොනුවක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ය.

ඔහු පසුගිය දිනවල පොලීසිය මගහරිමින් සැඟව සිටි බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...