නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

Date:

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

උදෑසන 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 31ක් දෙනෙකුගේ අත්සනින් යුතුව අගෝස්තු 12 වන දින විශ්වාසභාංග යෝජනාව තමා වෙත භාරදුන් බවයි කථානායකවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී සභාවට දැනුම්දෙන බව කථානායකවරයා දැනුම් දෙන ලදී.

කෙසේවෙතත් මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීති විශාරදයෙක් වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසා තිබුණේ ඊට නීතිමය පසුබිමක් නොමැති හෙයින් එලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ නොහැකි බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විෂය පථයක් වෙන් කර නොමැති වීම හෝ විෂය පථයක් ගැසට් කර නොතිබීම ඊට හේතුව බව මහානාමහේවා මහතා ප්‍රකාශ කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...