“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

Date:

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය ක්‍රියාත්මක කරනු ලබන ”එක මිටට ගොවි බිමට” ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා DEARO AGRI ආයතනය එක්ව තිබේ.

ස්වයංපෝශිත රටක් ඉසුරින් බර අනාගතයක් උදෙසා ජාතිය ගොඩනගන ශ්‍රී ලාංකීය හද ගැස්ම යන්න තේමා කර ගනිමින් රට පුරා තෝරා ගත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක DEARO AGRI ආයතනය බස්නාහිර පළාතේ ගම්පහ, කඩුවෙල, බියගම ප්‍රදේශයන්හී පුරන්කුඹුරු අස්වැද්දීමට ඒ අනුව තීරණය කර ඇත.

මන්ත්‍රී අශෝක රන්වල ගේ යෝජනාවක් ; ආචාර්ය ප්‍රභාත් විරසිංහ ගේ මෙහෙයවීම යටතේ..

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගේ යෝජනාවක්මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය. වැඩපිළිවෙළ සැකසීම මෙහෙයවීම සහ උපදේශනය  රුහුණු  විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් විරසිංහ ගෙනි.

දැනට ගණනය කර ඇති පරිදි ඉහත ප්‍රදේශවල හෙක්ටයාර් 50ක භූමියක් ප්‍රතිසංර්වධනය කර වගා බිමට එකතු කිරීමට DEARO AGRI ආයතනය තීරණය කර තිබේ.


ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් ගොවිජනතාව වී ගොවිතැනින් ඈත්වී යන ප්‍රවනතාවයක් දක්නට ලැබෙන මොහොතක නැවත වතාවත් ගොවිතැන ජනතාව ඒකරාශී කර ගැනීමේ අරමුණින් සහ ගොවිතැන නගා සිටුවමින් අර්ථවත් ඵලදායී හා ලාභ උපයන පිරිසක් බවට ගොවිමහත්ම මහත්මීන් පත්කීරීම මෙම වැඩපිළිවෙල මගින් අපේක්ෂා කෙරේ. ඒතුළින් ගොවි මහතුන්ගේ පවුල තුළ  ආර්ථික, සමාජීය හා අධ්‍යාපනික දියුණුව සැලසීම, එම ප්‍රදේශ සංවර්ධනය කිරීමෙන් නොනැවතී මුලු රටේම කෘෂිකර්මාන්තයේ දියුණුවක් ඇති කිරීම මේ සමග සිදුවනු ඇත.  


දැනට බොහෝ ගොවි මහත්ම මහත්මීන් තම වගා භූමියෙහි සිදු කරන වගාවන්ට භූමියේ පසෙහි ඇති පෝෂක සංඝටක පිළිබදව නිවැරැදි අබෝධයකින් තොරව කටයුතු කරයි. ඔවුන් පලිබෝධ නාශක සහ පොහොර යෙදීම සිදුකරනුයේ අනවබෝධයෙනි. මේ හේතුව නිසා ඔවුන්ගේ අස්වැන්න හා මුදල් කාලය සහ ශ්‍රමය වැයවීම අනවශ්‍ය ලෙස සිදුවේ. ඉන් ඔවුන්ට ලැබිය යුතු ලාභාංශ කරා යාම සහ බලාපොරොත්තු වන තරම්  අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිවී ඇත.

ගොවිජනතාවගේ ගොවිබිම් නියමිත කාලය තුළ සකසා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ලාබදායි වී ගොවිතැනක් සිදුවේ යැයි සිතිය නොහැකිය. ඒ නිසා නියමිත පරිදි වගා කටයුතු ආරම්භ කිරීමට ගොවි ජනතාවට පහසු කරමින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය උපකරණ, නව ගොවි සමිති නිර්මාණය කිරීම තුළින් ඒ ඒ සමිතිවලට අදාළව Dearo Agri ආයතනය සතු ට්‍රැක්ටර් ලබාදීම සිදු කරයි.

ඒවා උපයෝගී කර ගනිමින් වගා බිමි සකසා ගැනීමට සහය දෙන අතර ඒ සඳහා වැයවන මූල්‍ය දායකත්වය පොලී අනුපාතයකින් තොරව මෙම වැඩසටහන යටතේ ලබාදේ. අස්වැන්න නෙලා ගැනීමෙන් පසු එම මුදල් පොලියකින් තොරව නැවත අයකර ගැනීමට ආයතනය කටයුතු කරයි.

DEARO AGRI
සාම්ප්‍රදායික ගොවිතැනින් ඔබ්බට ගිය නව තාක්ෂණික දැනුමෙන් හෙබි ගොවි මහත්ම මහත්මීන් පිරිසක් බිහි කිරීමද මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ. 

පොහොර සහ පළිබෝධ නාශක යෙදීමේදී විශේෂිත දැනුමක් සහිත ආයතන හා නිලධාරීන් මගින් ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීම හා ඒ තුළින් අනවශ්‍ය වියදම අඩු කර ගැනීමද සිදු කර ගත හැකිය. ඉන් පසු ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගනිමින් ෙඉහළ අස්වැන්නක් ලබාගැනීමේ ඉලක්ක කරා ළගා කර ගැනීම පහසුය.

මූල්‍යමය දායකත්වය සමාගම විසින්

මේ සඳහා වැයවන මූල්‍යමය අවශ්‍යතාවය සමාගම විසින් දරන අතර අස්වැන්න නෙලීමෙන් පසු නැවත අය කර ගනු ලබයි. මෙමගින් ගොවි මහත්ම මහත්මීන් සමාජය තුළ අධික පොලියට ණය වීම අවම කිරිමට හැකියාවක් ලැබෙන අතර එමගින් ඔවුන් හට ලැබෙන ආදායම වැඩිකර ගැනීමට හැකියාව ලැබේ.

නිසි කලට අස්වැන්න නෙලා ගත නොහැකිවීමේ ගැටලුව විසඳීමට නව වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව සමාජය තුළ දැනට අවශ්‍ය ප්‍රමාණයන්ට සරිලන අස්වැන්න නෙලීමේ යන්ත්‍ර නොමැතිවීමේ ගැටලුවට විසඳුම් ලබාදේ. මේ සඳහා සමාගම සතු යන්ත්‍ර සමිති ක්‍රමවේදය ඔස්සේ ලබා දෙමින් නිසි කලට අස්වැන්න නෙලා ගැනීමට උපකාර කිරීම සිදු කෙරේ.

ගොවි මහත්ම මහත්මීන් සඳහා අමතර ආදායම් උත්පාදන ව්‍යාපෘති හඳුන්වාදීමද රජයේ එකමිටට ගොවි බිමට ජාතික වැඩසටහනින් සිදු කෙරේ.ඒ අනුව දැනට කළ සමීක්ෂණ වාර්තා අනුව ගොයම් පැළ සිටුවීමේ සිට අස්වැන්න නෙලීම දක්වා මාස තුනක් හතරක් අතර කාලයක් ගතවන අතර එම කාලය තුළ ගොවි මහතුන්ගේ ගොවිතැන සඳහා සෘජු දායකත්වය දක්වන්නේ දින විස්සකට අඩු කාලයක් පමණි.

එම නිසා ඔවුන්ට දෛනික ආදායම් උත්පාදනය කළ හැකි නව ව්‍යාපෘති හඳුන්වා දීම තුළින් ඔවුන්ගේ දෛනික ආදායම වැඩිදියුණු කර ගත හැකිය. එමගින් පවුල් සංස්කෘතියට බලපාන ආර්ථික අපහසුතා ඉවත් කිරීම සිදු වේ. ඒ හරහා ගොවිජනතාවගේ පවුල්වල යහපත් මානසික මට්ටමක් නිර්මාණය වේ. මෙහිදී උදාහරණ ලෙස කුකුල් පාලනය සහ මීමැසි පාලනය ආදී ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සහ අධීක්ෂණය සිදු කරන අතර ඊට සෘජුවම ගොවිජනතාව සම්බන්ධ කරගනු ඇත.

(TheLeader)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...