වරෙන්තුව අත්හිටුවන්නැයි රාජිත අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, එම ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකර ඇති බවත් අල්ලස් කොමිසම විසින් වරෙන්තුවක් ලබා ගෙන ඇත්තේ අධිකරණ නිවාඩු කාලයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නොමඟ යවමින් බවත් ය.

ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් පවතින අවස්ථාවක වරෙන්තුවක් ඉල්ලා සිටිය යුත්තේ මහාධිකරණය හමුවේ වන නමුත් එවැනි ඉල්ලීමක් අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ සිදුකර නොමැති බව පැවසූ ජනාධිපති නීතීඥවරයා ඒ අනුව අල්ලස් කොමිසම අධිකරණය නොමඟ යවමින් ලබාගෙන තිබෙන අදාළ වරෙන්තුව ආපසු කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ මෙම සැකකරු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම පෙත්සමට අදාළව තම කොමිසමට නොතීසි ලැබී නොතිබූ බවත් මෙම සැකකරු ප්‍රකාශ ලබාදීම මඟහරිමින් සිටි අවස්ථාවේදී ඔහු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම වරෙන්තුව ලබා ගැනීමට තම කොමිසමට සිදු වූ බවත් ය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රාජිත සේනාරත්න මහතා විසින් කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කළ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මේ වන විට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින රාජිත සේනාරත්න මහතාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැන්වීමක් නිකුත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...