සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ රුවන්ඩාව, කාම්බෝජය සහ තායිලන්තය, ඉන්දියාව සහ පකිස්ථානය, සර්බියාව සහ කොසෝවෝ සහ ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර ගැටුම් ඇතුළු යුද්ධ හයක් අවසන් කිරීමට උදව් කිරීම සම්බන්ධයෙන් ගෞරවය හිමි කරගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ඊයේ(18)දිනයේදී යුක්රේන යුද්ධයේ ඉදිරි ගමන සමබන්ධයෙන් සාකච්ජා කිරීමට සෙලෙස්කි ඇතුළු යුරෝපා රටවල් කිහිපයක නායකයන් ධවල මන්දිරයට පැමිණීමත්, යුක්රේනය යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේනය හා රුසියාව වෙනුවෙන් මැදිහත් වන ලෙසත් කරන ලද ඉල්ලීමක් අතරතුරු ප්‍රකාශ කර තිබිණි.
ජනාධිපති ට්‍රම්ප් මේ බව Truth Socialහි පල කර තිබු අතර එහි සඳහන් කර තිබුණේ, “මම මාස 6 ක් තුළ යුද්ධ 6 ක් සමථයකට පත් කර ඇත්තෙමි, ඉන් එකක් න්‍යෂ්ටික ව්‍යසනයක් විය හැකිය,” යනුවෙනි.
ජනාධිපති ට්‍රම්ප් ආර්මේනියාව සහ අසර්බයිජානය අතර ගැටුම අවසන් කිරීම සඳහා ධවල මන්දිරයේ නායකයින්ට සත්කාරකත්වය ලබා දෙමින් ආර්මේනියාව සහ අසර්බයිජානය අතර සන්ධිස්ථාන ගිවිසුමකට මැදිහත් විය. ඔහු එහිදී සැන්ගෙසුර් කලාපය හරහා එක්සත් ජනපදය විසින් පරිපාලනය කරන ලද සංක්‍රමණ කොරිඩෝවක් වන ජාත්‍යන්තර සාමය සහ සමෘද්ධිය සඳහා ට්‍රම්ප් මාර්ගය (TRIPP) ද එළිදැක්වීය.
ඊශ්‍රායල් හා ඉරාන ගැටුමේදී ඉරානයේ මිලිටරි හා න්‍යෂ්ටික පහසුකම්වලට එරෙහිව බංකර්-බස්ටර් බෝම්බ භාවිතා කරමින්
ඉරානයේ න්‍යෂ්ටික ස්ථානවලට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර අනුමත කළ ඔහු, ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට හෝ වඩාත් කුරිරු ප්‍රහාරවලට මුහුණ දීමට අවසාන නිවේදනයක් ලබා දීමෙන් අනතුරුව 2025 ජුනි මාසයේදී, ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය අතර තාවකාලික සටන් විරාමයකට මැදිහත් වී දෙපාර්ශවයෙන්ම එය ආරක්ෂා කරන ලෙස ඉල්ලා ඇත.
2025 මැයි මාසයේදී මතභේදාත්මක ඉන්දීය පරිපාලිත කාශ්මීරය හා පාකිස්ථානය අතර පහල්ගම් ප්‍රහාරයෙන් අනතුරුව දින ගණනක් පැවති ප්‍රහාර අවසන් කිරීම සඳහා පකිස්ථානය සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹීමට ඉන්දියාව සමඟ සාකච්ජා කළ මුත්, ට්‍රම්ප් කිසිදු කාර්යභාරයක් ඉටු නොකළ බව ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ.
ට්‍රම්ප් ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර නයිල් ගංගා ආරවුල අවසන් කළ බව ප්‍රකාශ කරයි, නමුත් දෙරට ඔහුගේ ප්‍රකාශයන්ට විරුද්ධ වී ඇති අතර නයිල් ගංගා ආරවුල ජල හිඟයට බිය වන ඊජිප්තුව සහ සංවර්ධනය සඳහා GERD වේල්ල අත්‍යවශ්‍ය යැයි සලකන ඉතියෝපියාව අතර ගැටුමක් වන අතර සාකච්ඡා මේවන විට ඇණහිට ඇත.
මිට අමතරව කොසෝවෝ හා සර්බියාව අතර පැවති ගැටුම තුලදී කොසෝවෝ සමඟ යුද්ධයක් කරගෙන යාමට තමන්ට කිසිදු සැලසුමක් නොමැති බව සර්බියාව ප්‍රතික්ෂේප කර ඇති අතර මෙහිදී ට්‍රම්ප් එකක් වැළැක්වීම සඳහාවන ගෞරවය ලබා ගෙන ඇත.
2025 අගෝස්තු පළමු සතියේ ඇති වූ තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා ගැටුම වෙනුවෙන්ද මැදිහත් වූ අතර ට්‍රම්ප්ගේ දුරකථන ඇමතුමකින් පසුව සටන් විරාමය ආරම්භ වූ අතර එය අවසානයේ ගැටුම අවසන් වීමට හේතු විය.
ජනාධිපති ට්‍රම්ප් කර ඇති මෙහෙය වෙනුවෙන් මේ වන විට ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් හා කාම්බෝජ අගමැති හුන් මැනට් ජනාධිපති ට්‍රම්ප්ගේ නම නොබෙල් ත්‍යාගය වෙනේවෙන් නම්කර ඇති අතර ට්‍රම්ප් ඔහුව හඳුනවා ඇත්තේ සාමයේ ධුතයකු වශයෙනි.
නොබෙල් සාම ත්‍යාගය යනු ජාතීන් අතර සහෝදරත්වය සඳහා, ස්ථාවර හමුදා අහෝසි කිරීම හෝ අඩු කිරීම සඳහා සහ සාම සම්මේලන පැවැත්වීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත්ම හෝ හොඳම කාර්යය කළ පුද්ගලයින්ට ත්‍යාගය ප්‍රදානය කරන ජාත්‍යන්තරික වශයෙන් සීමිත පිරිසක් වෙනුවෙන් පිරිනමන ත්‍යාගයක් වන අතර මෙම ත්‍යාගය නෝර්වේ පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් ප්‍රධානය කරයි.
ජනාධිපති ට්‍රම්ප් මේවන විට එරට රජය සමඟ සාකච්ඡා හරහා නොබෙල් කමිටුවට බලපෑම් කිරීමට උත්සාහ කර ඇති බවට නෝර්වීජියානු ප්‍රවෘත්ති ආයතනයක් පසුගිය සතියේ වාර්තා කර තිබු අතර තීරුබදු සාකච්ඡා කිරීම සඳහා නෝර්වීජියානු මුදල් අමාත්‍ය ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් සමඟ ජූලි මාසයේ පැවති ඇමතුමකදී ද ට්‍රම්ප් තමාට නොබෙල් සාම ත්‍යාගය අවශ්‍ය බව ප්‍රකාශ කර තිබිණි.