සිය දූෂකයන් නිදැල්ලේ සැරිසරණ බිල්කිස් බානෝගේ අනුවේදනීය කතාව

Date:

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 2002 වසරේදී ඇති වූ මුස්ලිම් විරෝධී කෝලහාලයකදී හින්දු මැර පිරිසක් විසින් සිය පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු ඝාතනය කරනු දැක සමූහ දූෂණයට ලක් වූ බිල්කිස් බානෝගේ නඩුවෙහි ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි වැරදිකරුවන් 11 දෙනෙකු අගෝස්තු 15 වන දා ඉන්දීය නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත.

මේ සම්බන්ධයෙන් පීඩාවට පත් බිල්කිස් බානෝ ප්‍රකාශ කර තිබුණේ මෙම ස්ත්‍රී දූෂකයන් නිදහස් කිරීම අසාධාරණ වන අතර යුක්තිය සම්බන්ධයෙන් ඇගේ විශ්වාසය බිඳ දැමීමට එය සමත් වූ බවයි. ඇය ගුජරාට් රජයට ආයාචනා කරමින් කියා සිටියේ බියෙන් තොරව සහ සාමයෙන් ජීවත් වීමට මට ඇති අයිතිය නැවත තමන්ට නැවත ලබා දෙන ලෙසයි.

ගෝද්‍රා නගරයේ මගී දුම්රියක ඇති වූ ගින්නකින් හින්දු බැතිමතුන් 60 දෙනෙකු මිය යාමෙන් පසු ආරම්භ වූ කෝලාහල අතරතුර බිල්කිස් බානෝට සහ ඇගේ පවුලේ අයට එල්ල වූ ප්‍රහාරය අතිශය බිහිසුණු අපරාධවලින් යුක් එකකි. ගින්න ඇවිළීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට දොස් පවරමින්, හින්දු මැර කල්ලි මුස්ලිම් අසල්වැසි ප්‍රදේශවලට පහර දෙමිනි. දින තුනක් තුළ, මිනිසුන් 1,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මුස්ලිම්වරු ය. දුම්රිය ගින්නෙන් පසු දින උදෑසන බිල්කිස් බානෝ එවකට 19 හැවිරිදි වියේ පසු වූ අතර ඇගේ දෙවන දරුවා ලැබෙන්නට සිටි ගැබිණියක් විය. ඇය සිය තුන් හැවිරිදි දියණිය සමඟ ගෝද්‍රා අසල රන්දික්පූර් නම් ගම්මානයේ තම දෙමාපියන් බැලීමට යමින් සිටියාය.

මෙහිදී ඇය හින්දූන්ගේ පහර දීම් වලට ලක්වූ අතර ඔවුන් පොලු වලින් පහර දී සිය දියණිය උදුරා බිමට දමා ඇගේ හිස ගලක ගැසූ බව ප්‍රකාශ කරයි. ඇයට පහර දුන් අය ගමේ සිටි ඇගේ අසල්වැසියන් වූ අතර, ඇය හැදී වැඩෙන විට දිනපතාම පාහේ දැක ඇති පිරිමින් විය. ඔවුන් ඇගේ ඇඳුම් ඉරා දැමූ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ගැබිණියක් වූ ඇයව දූෂණය කරන්නට විය. අනතුරුව අධික පහරකෑම් වලට ලක්වූ බිල්කිස් බානෝ සිහිසුන් වීම හේතුවෙන් ඔවුන් ඇය මිය ගිය බවට සැක කර දමා යන්නට විය. ඔවුන් පලා යමින් සිටියදී දින දෙකකට පෙර දරුවෙකු ප්‍රසූත කළ ඇගේ ඥාති සොහොයුරිය දූෂණය කර ඝාතනය කර ඇති අතර ඇගේ අලුත උපන් බිළිඳා මරා දමා තිබිණි. 17 දෙනෙකුගෙන් යුත්ව සිටි ඔවුන්ගේ කණ්ඩායමේ බිල්කිස් බානෝ සමඟ පිරිමි ළමයින් දෙදෙනෙක් සමූල ඝාතනයෙන් දිවි ගලවා ගැනීමට සමත් විය.

ඇතැම් පොලිස් සහ රාජ්‍ය නිලධාරීන් ඇයව බිය ගන්වමින් සාක්ෂි විනාශ කිරීමට උත්සහ ගත් අතර ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරුපවා ඇය දූෂණයට ලක්ව නැති බව පවසා මරණ තර්ජන එල්ල කරන්නට විය. ගුජරාටයේ උසාවිවලට ඇයට යුක්තිය ඉටු කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ වූ අතර ඇගේ නඩුව මුම්බායි වෙත මාරු කළේය. ඒ අනුව මෙම නඩුවේ පළමු අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ 2004 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ෆෙඩරල් විමර්ශකයන්ට නඩුව භාර දීමෙන් පසුවය.

බිල්කි බානෝස් මරණ තර්ජන මධ්‍යයේ අප්‍රකට වෙසෙමින් වසර ගණනාවක් කළ සටන එක මොහොතකින් අවසන්ව ඇත. ස්ත්‍රී සූශකයන්ට පොදු සමාව ලබා දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න මතු කරමින් ඇත. කෙසේ නමුත් බිල්කිස් බානෝට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් හෘද සාක්ෂිය ප්‍රශ්න කරමින් ඇත.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...