අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙකු රැඳවුම් නියෝග යටතේ සිරකිරීමට පොලිසිය ඉල්ලයි

Date:

ඊයේ පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අතරතුර අත් අඩංගුවට ගත් 19 දෙනා අතරින් 16 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජවන්තු ගුණතිලය යන තිදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි පොලිසිය අධිකරණයට සඳහන් කර තිබුණේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කළහොත් පුද්ගලයෙකු දින 90ක් අත් අඩංගුවේ තබාගැනීමේ හැකියාව පොලිසියට ලැබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...