ඇමති ටිරාන් අලස් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක

Date:

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (17) සහභාගී වූයේය.

එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරික්ෂණය කළ ටිරාන් අලස් මහතා, ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපල තත්ත්වයන්ට අනුකූලව ආගමන විගමන සේවාවන් ලබාදිය හැකි භූමි සැලසුම පිළිබඳව සාකච්ඡා කළේය.

එමෙන්ම නව e-gate කවුන්ටර පිහිටුවීම සම්බන්ධවද මෙහිදී ටිරාන් අලස් මහතාගේ අවධානයට යොමු විය.

තවද නව CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමටද මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී. මෙම කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මගින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බවද අමාත්‍යවරයා විසින් මෙහිදී පැහැදිලි කරදෙන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාවට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සහ ගුවන්තොටුපළ නිලධාරීන් සහාභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: පෙබරවාරි 11 වන දා...