*
Monday, May 20, 2024
spot_img

Latest Posts

බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමට නම් ගජමිතුරු ධනවාදය නතර කර හොරු අල්ලා කම්කරුවන් හා ව්‍යාපාරිකයන් ශක්තිමත් කළ යුතු යි – සජිත්

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රජයට ළං වූ පමණින් විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලැබූ යුගය අවසන් කළ යුතු බවත් සම භූමියක් තුළ මෙරට ව්‍යාපාරවලට තරග කිරීමේ අවස්ථාව ලබා දෙනවා සේම වැඩ කරන ජනතාවත් මෙම ප්‍රගතියේ කොටස් කරුවන් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ ම දූෂණය වංචාව හොරකම තුරන් කළ යුතු බවත් මේ රට විනාශ කළ මංකොල්ල කන ලද දූෂිත කණ්ඩායම් හොරා කාපු අරමුදල් නැවත රටට ලබා ගෙන එම හොරුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් අහිමි වූ සම්පත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නැවත ලබා ගැනීම සදහා නීති සම්පාදනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කමිටුව මෙරට ව්‍යාපාරිකයන් සමඟ පැවැත් අවස්ථාවේ දීය.

එසේ ම ධනවතුන් පමණක් නොව සාමාන්‍ය පුද්ගලයාටත් කොටස් වෙළෙඳපොළේ සුළු කොටස් හෝ අයිති විය යුතු ය යන සංකල්පය තමා විශ්වාස කරන බවත් ඒ තුළින් තරුණ ප්‍රජාව ආර්ථික ගමනේ කොටස්කරුවන් බවට පත් වන බවත් එය අප රට තුළ ද ක්‍රියාත්මක විය යුතු බවත් එසේ ලබන ලාභයේ කොටසක් වැඩ කරන ජනතාවට හිමි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ඉදිරි ගමනට ප්‍රගතිය වෙනුවෙන් වැඩපොළේ කාර්මික සාමය අවශ්‍ය බවත් එය නිර්මාණය වීම සඳහා රජය අයිතිකරුවන් වැඩ කරන ජනතාව යන පාර්ශ්ව 3ම එක හා සමාන ගමනක යා යුතු බවත් මෙය එක් පාර්ශ්වයකගේ ජයග්‍රහණයක් හා එක් පාර්ශ්වයකගේ පරාජයක් නොවිය යුතු බවත් හැම පාර්ශ්වයක්ම දිනිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙම ජයග්‍රහණය සදහා වැදගත් වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමන බවත් මානුෂිය ධනවාදය හරහා ධනය උත්පාදනය කරන ව්‍යවසායකත්වයට ව්‍යාපාරවලට කර්මාන්තවලට ලබා දෙන උපරිම සහයෝගය ලබා දෙන බවත් ඒ සදහා නිති රිති රෙගුලාසි සම්පාදනය කර දෙන නමුත් එසේ උත්පාදනය කරන ධනය බෙදී යාමේදී අසමතුලිතතාවක් ඇති නොවිය යුතු බවත් එම ධන උත්පාදනය ක්‍රමය මානුෂිය විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද පොහොසතා පමණක් ශක්තිමත් විය යුතුය යන ප්‍රතිපත්තියක තමා පිහිටා නොමැති බවත් එවැනි ප්‍රතිපත්ති ඇති පිරිස නිසා සුපිරි ධනවතුන්ට බිලියන 600ක් 700ත් අතර බදු සහන ලබා දී රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා අඩු කිරීම නිසා රට බංකොලොත් වූ බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටට අවශ්‍ය වී ඇත්තේ මානුෂිය ධනවාදය, සමාජ වෙලෙදපොළ ආර්ථිකය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවත් ඒ තුළින් මෙරට ව්‍යවසායකත්වය දිරිමත් කර කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කර ධනය උත්පාදනය කළ යුතු බවත් එසේ උත්පාදනය කරන ධනය සීමාසහිත රාජ්‍ය මැදිහත්වීම තුළ ධනවාදයේ ඇති ඌනතා මගහරවා සම්පත් බෙදී යාම සාධාරණව මානුෂීයව සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

මේ සංකල්පය තුළ හාම්පුතුන්, අයිතිකරුවන් හා වැඩ කරන ප්‍රජාව අතර මනා සබදතාවක් ඇති විය යුතු බවත් ඒ තුළ කාර්මික සාමය ඇති කළ යුතු බවත් ඒ තුළ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය කුසලතා මත දියුණු වීමට අවශ්‍ය සමාන පරිසරයක් නිර්මාණය කරන බවත් මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ගජමිතුරු ධනවාදය හරහා එවැනි සම බිමක් නිර්මාණය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

එමෙන් ම මෙවැනි සංවාද සිදු කළ යුත්තේ රටේ ජනාධිපති, අගමැති හෝ කම්කරු ඇමති වුවත් වර්තමානයේ එය සිදු කරන්නේ විපක්ෂය බවත් විපක්ෂය විසින් වත්මන් බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරිකයන් එක්ව වැඩසටහනක් සකස් කර ඇති බවත් ඒ තුළින් ලොව පිළිගන්නා ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය කටයුතු කරන්නේ යල්පැනගිය රාමුවක් තුල නොව අනාගත දැක්මක් සහිත ජනතාවාදී ජනහිතකාමී ව්‍යාපාර හිතෛශී හා කම්කරු හිතෛශී ගමනක් බවත් ඒ සදහා සහාය ලබා දෙන ලෙසත් ඊලග අවස්ථාවේ ව්‍යාපාර හිමියන් හා කම්කරු ප්‍රජාව එකිනෙකට හමුවන සාකච්ඡා මණ්ඩපයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan