*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

ඇත්තටම Great – Grete Waitz

මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ ඉසව් අද ආරම්භවීමට නියමිතයි.හංගේරියාවේ බුඩාපේස්ට් හී පැවත්වෙන මෙම තරගාවලියේදී ජාත්‍යන්තර ඔලිමිපික් සංගමයට අනුව ලෝක මලල ක්‍රීඩා සංගමය ද ස්ර්‍ත පුරුෂ සමානාත්මකාවය සහිතව පැවත් වූ නිලවරණයෙන් ඉනික්බිතිව පැවත්වෙන මෙම තරගාවලිය සැළකෙන්නේ 40 වන ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය ලෙසයි.

එම 40 වසරක ලෝක මලල ක්‍රීඩා සූරතාවලි ඉතිහාසයේ සුවිශේෂි වූ කාන්තා ක්‍රීඩිකාවන් 40 දෙනෙක් අභිනන්දනීය ලෙස ස්මරණය කරන මෙවර තරගාවලියේ වැදගත්ම තැනක් ලෝක මලල ක්‍රීඩා සූරතාවලි ඉතිහාසයේ මීට වසර 40 ට පෙර පළමු රන් පදක්කමට උරුමකම් කී කාන්තාවට හිමි වී තිබෙනවා.ඇය නෝර්වේ වෙනුවෙන් තරග වැදුණ ග්‍රේට් වේට්ස්.පළමු ලෝක සූරතා මලල ක්‍රීඩා සූරතාවලියේ දී ඇය කාන්තා මැරතන් රන් පදක්කම නෝර්වේ වෙත දිනා දෙන්නට සමත් වුණා.

ග්‍රේට් ඇත්තටම විශිෂ්ඨ මලල ක්‍රීඩිකාවක්.ඇය ලෝක රට හරහා දිවීමේ තරගාවලියේදී පදක්කම් හතක් පිට පිට වසර හතකදී දිනා දුන් ක්‍රීඩිකාවක්.ඇය අඛණ්ඩව 1978 සිට 1984 දක්වා මේ දස්කම කළ අතර 78 සිට 81 දක්වා පිට පිටම සිව් වතාවක් ඇය ඒ දස්කම සිඳු කළා.ඇය ඊට අමතරව 83 වසරේ දිත් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර 82 සහ 84 වසරවල ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ග්‍රේට් වේට්ස් 1983 දී පළමුවරට පින්ලන්තයේ හෙල්සිංකි නුවර දී ලෝක සුරතා මලල ක්‍රීඩා සූරතාවලියේ මැරතන් රන් පදක්කම දිනා ගනිද්දී තිස් හැවිරිදි වියේ පසු වුණා.ඇය 1984 දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ඔලිම්පික් මැරතන් තරගය ද නියෝජනය කළත්,ඇයට එහිදී ඇමෙරිකාවේ ජෝන් බෙනොයිටි ඉදිරියේ රන් පදක්කම අහිමිව රිදී පදක්කමෙන් සෑහෙන්නට වුණා.

ග්‍රේට් නව වතාවක්ම නිව්යෝර්ක් මැරතන් තරගයේ ජයග්‍රාහිකාව වී ඇති අතර ලන්ඩන් මැරතන් තරගය දෙවතාවක්ද ස්ටොක්හෝම් ජාත්‍යන්තර මැරතන් තරගය එක් වතාවක් ද ජය ගනිමින් විශිෂ්ඨ දස්කම් දක්වා තිබෙනවා.නමුත් 1984 දී ඇයට අහිමි වූ ඔලිමිපික් රන් පදක්කම නිසා ඇයගේ නම ඔලිමිපික් රන් පදක්කම් ලේඛණයේ නැති වුවත්,කාන්තා මැරතන් ක්‍රීඩාවේ ඉතිහාසය කියවෙද්දී ඇයගේ නම රනින් ලියැවෙන පුරාවෘත්තයක් බව සහතිකයි.

අද ග්‍රේට් ජීවත්ව සිටියානම් වයස අවුරුදු 70 වඩා අඩු මාස කිහිපයක් පමණි.ඇය ඉපිද තිබුණේ 1953 ඔක්කෝමබර් පළමු වැනිදා ය.දිගු දුර දිවීමෙන් ඇය බොහෝ දේ කළාය.රනින් නම බැබලුවාය.නමුත් ඇය ජිවිත තරගයෙන් ඒ රන් නාම ඉතුරු කර අවුරුදු 57 දී පරජය භාර ගත්තාය.ඒ නිසා ඇයව විශේෂ කොට සිහි ගන්වන 40 වන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී විශේෂ අසුනක දකින්නට ඉඩ අපට ලැබෙන්නේ නැත.

වසර 40 පසුව නැවත ග්‍රේට් කරළියට ඒමෙන් පැහැදිළිවන්නේ කෙනෙකුගේ විශිෂ්ඨයෙක් වීමේ සදාකාලික වටිනාකමයි.ඒ වගේම ස්ත්‍රි පුරුෂ සමානත්මතාවය ඇතුළේ මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ අවධානය දිනා ගෙන සිටින විශිෂ්ඨ ක්‍රීඩිකාවන් 40 අතර නම් රැඳෙන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම මෙවර තරගාවලියේදී ද සිය විශිෂ්ඨත්වය තහවුරු කරනු ඇතැයි සිතිය හැකියි.

ශ්‍රී ලංකාවෙන් මෙවර දකින්න ලැබෙන්නේ එක් කාන්තා නියෝජනයක් පමණයි.ඒ ශ්‍රී ලංනා හෙල්ල වීසි කිරීමේ ජාතික සූරිය මෙන්ම ජාතික වාර්තලාභිණය ද වන නදීශා දිල්හානි ලේකම්ගේ යි.ශ්‍රී ලංකාන නියෝජනය කරන මලල ක්‍රීඩා කණ්ඩායමේ පළමු සහභගීත්වය හෙට (20) සිඳුවීමට නියමිත අතර එහිී අරුණ දර්ශණ මීටර් 400 තරගයට සහභාගී විමට නියමිතයි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan