සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් රත්නපුර, ත්රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල , යාපනය , මන්නාරම , මුලතිව් , යාපනය , බදුල්ල , මොණරාගල , හම්බන්තොට, ගම්පහ සහ මාතලේ යන දිස්ත්රික්ක වල පුද්ගලයින් 210,652 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
මේ අතර, උඩවලව ප්රදේශයේ වගා හානි ගණනය කිරීම් සඳහා අද දිනයේ (19) කණ්ඩායම් 3ක් යෙදවීමට පියවර ගත් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
දැනට උඩවලව ප්රදේශයේ අක්කර 14,000ක් වගා හානි සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බව එහි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා කියා සිටියේය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??