පක්ෂවලට නොලියවුණු ඡන්ද ලක්ෂ 130න් සාතිශය බහුතරය මටයි. 51% ඉක්මවනවා. 70% වෙන්නත් පුළුවන් – අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය ස්ථිර බවත් තමන්ට ඇතැම්විට 60% – 70%ක ඡන්ද ප්‍රතිශතයකට වුවත් යාමට හැකිවනු ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“සාම්ප්‍රදායික පක්ෂවලින් ක්‍රමානුකූලව ඡන්ද දායකයා ගැලවෙමින් තිබෙනවා. එහෙම බැලුවොත් අද මේ සැරේ තියෙන ලක්ෂ 170ක් වන ඡන්ද ප්‍රමාණයෙන් ලක්ෂ 30 – 40ක් තමයි පක්ෂවලට ලියවිලා තියෙන්නෙ. අනෙක් ලක්ෂ 130ක් වගේ ඡන්ද ප්‍රමාණයක් තියෙන්නෙ පක්ෂවලට ලියවිච්චි ඡන්ද නෙවෙයි. එන්න ඒ ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ආකර්ෂණය තියෙන්නෙ, සාතිශය බහුතර ආකර්ෂණය තියෙන්නෙ ජාතික ජන බලවේගයට. ඒ විතරක් නෙවෙයි සාම්ප්‍රදායික පක්ෂවල අයත් ගැලවෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා ගණිතමය වශයෙන් බැලුවත් ජාතික ජන බලවේගයට මම හිතන්නෙ ලක්ෂ 70 නෙවෙයි ඒක ඉක්මවන්න පුළුවන්. දේශපාලනයෙන් බැලුවොත් ඒක ඊට වඩා ඉක්මවන්න පුළුවන්. ගණිතය ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට 51% ඉක්මවන්න පුළුවන්. දේශපාලන ලෙස බැලුවොත් නම් 60% – 70% ට කිට්ටු වෙන්න පුළුවන්. හරිද ?”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?