මගේ කේන්දරෙත් හොඳයි. 21 න් පස්සෙත් මම දිගටම ආණ්ඩුකාර – නවීන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ පසු තමන් දිගටම ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

“රනිල් දින්නොත් මම දිගටම ආණ්ඩුකාර. ඒක මතක තියාගන්න. පැරදුණොත් වෙන කතාවක්. පැරදෙන්නෙ නෑ. මගේ කේන්දරයත් හොඳයි. 21 වෙනිදායින් පස්සෙත් මම ආණ්ඩුකාර. දැන් ප්‍රධාන අපේක්ෂකයො තමයි සජිත් ප්‍රේමදාසයි රනිල් වික්‍රමසිංහයි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට තරග කරන්නෙ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇත්ත වශයෙන් තර්කානුකූලව බලයට ආවොත් මට තේරෙන්නෑ මොනවද කරන්නෙ කියලා. අඩුගාණෙ අනුර කුමාර කියනවා එයා ආවොත් මේක ඔක්කොම අංශක තුන්සිය හැටෙන් එයා වෙනස් කරනවා කියලා. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා බලයට ආවොත් මොනවද කරන්නෙ ? එතුමා කියන්නෙ සියලු දෙයක්ම දෙනවාලු. එතුමාගෙ පුද්ගලික බූදලයෙන්ද මේවා දෙන්න යන්නෙ ? මේ හාදයා කොහෙන්ද මුදල් හොයන්නෙ ?”

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...