මගේ කේන්දරෙත් හොඳයි. 21 න් පස්සෙත් මම දිගටම ආණ්ඩුකාර – නවීන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ පසු තමන් දිගටම ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

“රනිල් දින්නොත් මම දිගටම ආණ්ඩුකාර. ඒක මතක තියාගන්න. පැරදුණොත් වෙන කතාවක්. පැරදෙන්නෙ නෑ. මගේ කේන්දරයත් හොඳයි. 21 වෙනිදායින් පස්සෙත් මම ආණ්ඩුකාර. දැන් ප්‍රධාන අපේක්ෂකයො තමයි සජිත් ප්‍රේමදාසයි රනිල් වික්‍රමසිංහයි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට තරග කරන්නෙ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇත්ත වශයෙන් තර්කානුකූලව බලයට ආවොත් මට තේරෙන්නෑ මොනවද කරන්නෙ කියලා. අඩුගාණෙ අනුර කුමාර කියනවා එයා ආවොත් මේක ඔක්කොම අංශක තුන්සිය හැටෙන් එයා වෙනස් කරනවා කියලා. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා බලයට ආවොත් මොනවද කරන්නෙ ? එතුමා කියන්නෙ සියලු දෙයක්ම දෙනවාලු. එතුමාගෙ පුද්ගලික බූදලයෙන්ද මේවා දෙන්න යන්නෙ ? මේ හාදයා කොහෙන්ද මුදල් හොයන්නෙ ?”

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...