තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

Date:

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ තුසිත හල්ලොලුව ලබන 28 වනද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව ඊයේ (19) පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

නාරාහේන්පිට ප්‍රදේශයේදී ඔහු සහ ඔහුගේ නීතීඥයා ගමන්ගත් වාහනයට වෙඩිතබා ලිපිගොනුවක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලද්දේ පෙරේදා දිනයේදී ය. ඊයේ අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඔහුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

සැකකාර තුසිත හල්ලොලුව අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබුණේ ඔහු ගමන්ගත් වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවන් යොදාගෙන ඔහු විසින්ම සිදුකරගෙන ඇතැයි අනාවරණය වී ඇති බවත් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිකරවීමේ අරමුණින් මෙය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව ඇති බවත් ය.

තුසිත හල්ලොලුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරුන් රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි.

ඔහු මෑතකදී මාධ්‍ය තුළ අවධානයට ලක්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදෙස්‍ රටක විශාල මුදලක් ආයෝජනය කර ඇති බව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි. මෙම ප්‍රකාශයෙන් ජනාධිපතිවරයාට අපහාස කිරීම පිළිබඳව නීතීඥයකු විසින් CIDයට පැමිණිලි කර තිබුණු අතර ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඉහත වෙඩිතැබීමේ සිද්ධිය සිදුවූයේ ඔය අතරේදී ය. තුසිත හල්ලොලුව ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ ලිපිගොනුවක් ඉහත වෙඩිතැබීමේ සිද්ධියේදී වෙඩික්කරුවන් විසින් පැහැරගෙන ගිය බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...