ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

0
823

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

දේශසීමා ගැටුමකින් පසු කාම්බෝජ ශ්‍රමිකයින් නැවත සිය රට බලායෑම හේතුවෙන් තායිලන්තයේ උද්ගතව ඇති ශ්‍රම හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළුව නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල ශ්‍රමිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා ලබාදීමට එරට රජය සැලසුම් කර ඇති බව සඳහන්.

දැනටමත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 30,000කට වැඩි පිරිසක් මේ සඳහා ලියාපදිංචිවී ඇති බව පෙන්වා දෙන තායිලන්ත බලධාරීන් පළමු අදියරේදී 10,000ක පිරිසකට තායිලන්තයේ රැකියා අවස්ථා හිමිවෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළයෑම සහ ශ්‍රම බළකාය අඩුවීම හේතුවෙන් කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශවලට අවම වශයෙන් ලියාපදිංචි විදේශීය ශ්‍රමිකයින් මිලියන 3ක් මත යැපීමට සිදුවී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පෙන්වා දී තිබේ.