ඇමති කුමාර ජයකොඩි සහෝදරයා කිසිදු වංචාවක් කරලා නැහැ. පහළ නිලධාරීන් යමක් කරලා, ඔහු ඊට අත්සනක් දාලා පමණයි – ඇමති මහින්ද

0
981

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පොහොර සංස්ථාවේ සේවය කළ සමයේ කිසිදු වංචාවක් සිදුකර නොමැති බවත් ඔහුට පහළින් සිටි නිලධාරීන් යම්කිසි සිද්ධියකට සම්බන්ධ වී ඇති අතර ඔහු ඊට අත්සනක් යෙදීම සම්බන්ධයෙන් පමණක් චෝදනා එල්ල වී ඇති බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහෝදරයා 2005 – 2015 වකවානුවේ පොහොර සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරද්දී සිදුවීමක් සම්බන්ධයෙන් තමයි මේ ඔවුන් චෝදනා කරමින් තිබෙන්නේ. ඔහු කිසිදු වංචාවක් කරලා නැහැ. ඇත්තටම ඔහුට පහළ නිලධාරීන් තමයි යම්කිසි සිද්ධියකට අදාළව සම්බන්ධ වෙලා තිබෙන්නෙ. ඉතින් ඔහු ඉහළ නිලධාරියා ලෙස යම් අනුමැතියට අදාළ අත්සනක් යොදලා තිබෙනවා. කෙසේවෙතත් ඉන් අනතුරුව කළ පරීක්ෂණයෙන් පසුව ඔහුට නැවත රැකියාව ලබාදීලා තිබෙනවා ඔහුව ඩිමෝට් කරලා. නමුත් ඔහු ඒ රැකියාව භාර අරගෙන නැහැ. ඕගොල්ලන්ගෙ ගොඩෙත් ඉන්නෙ හොරු කියන්න තමයි මේ උත්සාහ කරමින් තිබෙන්නෙ”

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.