අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ නෞකාවල කැසිනෝ පවත්වාගෙන යාම සඳහා ද බලපත්‍ර අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන අතර සූදු නියාමන අධිකාරිය විසින් එය ආර්ථිකයට, සමාජයට, සංචාරක කර්මාන්තයට උචිත නම් පමණක් අවසර ලබාදෙනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු කැබිනට් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මන්ත්‍රී ශානක්කියන් – “මෙච්චර කල් ලංකාව තුළ නෞකාවල කැසිනෝවලට ලයිසන් දීලා නෑ. ගොඩබිමේ තියෙන කැසිනෝ තියෙනවා, නෞකාවලට දීලා නෑ. මේ පනතෙන් පස්සේ නෞකාවල කැසිනෝ එකකට අවශ්‍ය නම් පිටරට කොඩියකුත් එක්ක ඇවිල්ලා පර්මිට් එකක් ගන්න පුළුවන්ද , බැරිද ?”
ඇමති අනිල් ජයන්ත – “ඇත්තටම මේ අර්ථකථනය ඇතුළෙ නෞකාවක ඉන්නෙ කියන කාරණය – මෙතන නෞකාව පමණක් නෙවෙයි, මොකද මේ සූදු ඔට්ටු යටතේ අද තාක්ෂණය ක්‍රියාත්මක වෙනකොට විශාල පරිචයක මේක ක්‍රියාත්මක වෙනවා. මේ ලිස්ට් එකේ තියෙනවා සූදි ක්‍රීඩා මොනවද කියලා, ඒ ටිකත් කියවන්න. මෙයින් අදහස් කරන්නේ තෝරාගෙන කාටවත් ලයිසන් දෙනවා කියන එක නෙවෙයි. මේක සූදු ක්‍රීඩාව විශාල පරිචයක තියෙනවා, දැනුත් එය නීතියට යටත් නෑ. දැනට මේ නීතියෙන් ක්‍රියාත්මක වෙන්නෙ බදු එකතු කරගන්න එක විතරයි දෙක තුනක. මෙය නියාමනය කිරීම සඳහා අපි කරන්නෙ ඉල්ලුම් කිරීමක් කළොත් මේ අධිකාරිය විසින් සොයලා බලලා එය උචිත නම් පමණයි. එය ආර්ථිකයට, සමාජයට, සංචාරක කර්මාන්තයට මේ සියල්ලට උචිත නම් පමණයි අවසර දෙන්නෙ. ඒ දුන්නාට පස්සෙ අපි අනිවාර්යයෙන්ම නියාමනය කරනවා.එහෙම නැතිව කිසිම තැනක කියලා නෑ මේකෙ ලයිසන් දීගෙන ඕනෙම තැනක කරන්න යනවායි කියලා එකක්. මොකද මේ වෙනකොට ඔබ දන්නවා ඇති ලෝකයේ විවිධ ස්ථානවල තියෙන කොටස් වෙළඳපොල ඉලක්ක කරගෙන ලංකාවේ ප්‍රධාන ස්ථානය වන ලෝක වෙළඳපොල හරහා සිද්ධ වෙන මේ වගේ නීතියට හසු නොවෙන ෂැඩෝ ෂෙයා මාකට්ස් තියෙනවා. ඒවාටත් අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. මේකෙන් පෙන්නුම් කරන්නෙ අපි නීතිය මගින් නියාමනය කිරීමක් මිසක් නීතිවිරෝධී සමාජ විරෝධී කටයුතුවලට අවසර දීමක් කිසිවිටෙක කරන්නෙ නෑ”
මන්ත්‍රී ශානක්කියන් – “මම නියාමනය කිරීම ගැන ගැටලුවක් මතු කළේ නෑ. මට වචන දෙකකින් උත්තරයක් දෙන්නකො, මෙච්චර කල් ලංකාව තුළ නෞකාවල කැසිනෝවලට ලයිසන් දීලා නෑ. මේ පනතෙන් පස්සේ පර්මිට් එකක් ගන්න පුළුවන්ද, බැරිද ? ඒක ගැන ඔබතුමා ආයෙත් දිග විග්‍රහයක් කළොත් එහෙම මට ආයෙත් අහන්න වෙනවා, එතකොට මේක විවාදයක් වෙනවා.”
ඇමති අනිල් ජයන්ත – “ඔව්. නෞකා විතරක් නෙවෙයි ඇතුළෙත් එහෙම ලයිසන් නැතිව ඕනෙ තරම් ව්‍යාප්ත වෙනවා. මේකෙ ඉඩකඩක් තියෙනවා ඉල්ලුම් කිරීම සඳහා. දෙනවාද නැද්ද කියන එක අධිකාරිය තීරණය කරන්නෙ මම කිව්ව කාරණා මත”
මෙම සංවාදය ඊයේ ඇතිවුණේ සූදු නියාමන අධිකාරිය පිළිබඳ පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුරදී ය.
