කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී සපුරාලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ.
දැනට නිවාස නොමැති නමුත් ඉඩමක අයිතිය පවතින ඉල්ලුම්කරුවන් වෙනුවෙන් ඒ සඳහා පහසුකම් ලබා දීම ඊට සමගාමීව සිදුවන බව එම අධිකාරියේ මහනුවර දිස්ත්‍රික්ක කළමණාකාර අනිල් ප්‍රියන්ත මහතා පැවසුවේය.
සැමට සෙවන නිවාස වැඩසටහන්, නිවාස ආධාර වැඩසටහන් ඇතුලුව ජාතික නිවාස සංවර්ධන අධීකාරිය ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන බව කළමණාකාරවරයා සඳහන් කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙනුවෙන් මෙම වර්ෂයේදී වෙන් කර ලබා දී ඇති රුපියල් මිලියන 2500ක මුදල ලබන වර්ෂයේදී රුපියල් මිලියන 7500ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවත් ඒ තුළින් වැඩි නිවාස ප්‍රමාණයක් ඉදිකළ හැකි යැයි ද ඒ මහතා කීවේය.
පවුල් සහ අනු පවුල් සඳහා නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව කී ඒ මහතා එහි ඇතැම් යෝජනා ක්‍රම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් උපයා ගන්නා අරමුදල් වන බව ද කීවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් නිවාස කමිටුවේදීය.
දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහා නිවාස විෂය සම්බන්ධ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර
