දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

Date:

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW:

විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යළි දැඩි කතාබහක් මතුවී ඇත.

ඒ පිළිබදව අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මේ පිළිබඳ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නම් මෙම තීරණයට දක්වන්නේ දැඩි විරෝධකි.

ඔවුන් පවසන්නේ , මෙම තීරණය හරහා වෛද්‍යවරුන් රට හැරයාම ඉහළ යා හැකි බවද සැක පල කරන බවයි.

මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු පැවසුවේ දැනට විදේශගත වී සිටින වෛද්‍යවරුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබාගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරී ස්වභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම ද අදාළ චක්‍රලේඛය මඟින් සීමා කර තිබෙන බවත් අමාත්‍යංශය පවසයි,

අදාළ නව චක්‍රලේඛය සම්බන්ධයෙන් විරෝධය පළ කරන ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පැවසුවේ අදාළ විදේශීය නිවාඩු ලබාගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබාදී ඇති ප්‍රතිපාදන මෙම චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...