*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

දේශපාලන සූදු එපා. සද්භාවයෙන් රට ගොඩ ගන්න වැඩපිළිවෙළක් තිබේ නම් අපේ සහයෝගය තිබෙනවා – සජිත්

මේ මොහොත වන විට අප රටේ භයංකාර ආර්ථික සමාජීය විනාශයක් සිදු වෙමින් පවතින බවත් මේ මොහොත වන විට පවුල් 60000කට ආසන්න ප්‍රමාණයකට පිරිසුදු පනීය ජලය අහිමිවී ඇති බවත් හෙක්ටයාර ලක්ෂ ගණනින් වගා බිම් නියගය නිසා විනාශවී ඇති බවත් එසේම ගොවි ජනතාව ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ ජීවනෝපාය අහිමි වෙමින් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාසල් ගුරුවරු 5000කට ආසන්න ප්‍රමාණයක් සහ විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත් මේ හේතුවෙන් රෝහල්වල වාට්ටු වැසි ශෛල්‍යකර්ම පවා කල දමා ඇති බවත් මේ තත්ත්වයෙන් රට මුදවා ගැනිමට නම් ජාතික එකමුතුවෙන් සහ ඒකාග්‍රතාවයෙන් යුත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රට වැ⁣ටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට රජයට වැඩපිළිවෙළක් ඇත්නම් විපක්ෂයක් ලෙස සියලු දෙනා එක්ව උපරිම සහයෝගය ලබා දීමට කැමති වුවත් එවැනි වැඩපිළිවෙළක් වත්මන් රජයට නොමැති බවත් රජය සිදු කරන දේශපාලන සූදුවලින් වැලකී රට ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් රජයට ඒ සදහා දැනුමක් නැත්නම් විපක්ෂය සතු දැනුම මානව සම්පත් ඒ සදහා ලබා දීමට කැමති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ රට වැටී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

තනතුරු තාන්න මාන්න ⁣අපේක්ෂාවෙන් එවැනි කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත් හුදෙක්ම ලක්ෂ 220ක් ජනතාව වැටී තිබෙන තත්ත්වයෙන් මුදවා ගැනීමෙ අරමුණින් සහයෝගය ලබා දෙන බවත් ඒ සදහා නූතන තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කරන ලෙසත් යල් පැන ගිය වැඩසටහන් අනුගමනය කරන ජරාජීරණ දේශපාලනය අමතක කරන ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියේ ය.

තනතුරුවලට වහල් වෙමින් රටත් ජනතාවත් පාවා දීමට සුදානම් නොමැති බවත් එවැනි පාවාදීමේ දේශපාලන ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නම් වෙනත් අතක් බලා ගන්නා ලෙසත් ආණ්ඩුවට පැවසූ විපක්ෂ නායකවරයා රටේ ජාතික අවශ්‍යතාව පැත්තකට විසි කර දේශපාලන බඩගෝස්තරවාදී දේශපාලනය අනුගමනය කිරීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් අවධාරණය කළේය.

රජයට හිතවත් මාධ්‍ය හරහා ගොඩනගනා ව්‍යාජ යථාර්ථයට හා ප්‍රබන්ධවලට ලක්ෂ 220ක් ජනතාව රැවටෙන්නේ නැති බවත් මෙි මාතෘභූමිය සුරැකීමට කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan