පාකිස්තානයේ පිරීමක් හේතුවෙන් 11 දෙනෙකු මරුට

Date:

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට නිරිත දෙසින් වසිරිස්තානයේ ෂවාල් නිම්නයේ සිදු වූ පිපිරීමක්(IED) හේතුවෙන් ඉදිවෙමින් පවතින හමුදා මුරපොලක සේවය කරමින් සිටි කම්කරුවන් 11 දෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.

ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් ව්‍යාපෘතියකට කම්කරුවන් රැගෙන යමින් සිටි ට්‍රක් රථයක් මෙලෙස පුපුරවා හැර ඇති අතර එහි වගකීම කිසිදු සන්නද්ධ කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නොමැත.

කෙසේ නමුත්, පාකිස්තානය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ටෙහ්රික්-ඉ-තලිබාන් පකිස්ථානය(TTP) වෙත දොස් පවරා ඇති අතර ඔවුන් පාකිස්තානයේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

නමුත්,නිල දත්ත වලට අනුව, මේ වසරේ පමණක් Khyber Pakhtunkhwa පළාතට ප්‍රහාර 300කට වැඩි ප්‍රමාණයක් ටෙහ්රික්-ඉ-තලිබාන් පකිස්ථානය(TTP) එල්ලකර ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම් අතර පකිස්තාන තලේබාන් ඉස්ලාමීය නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, රජයේ අත්අඩංගුවේ සිටින තම සාමාජිකයින් නිදහස් කිරීම සහ ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි ගෝත්‍රික කලාපවල කොටස්වල පකිස්ථාන හමුදා පැමිණීම අඩු කිරීම වේ.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...