සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ගුටි කෙළගනී ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව මෙවර ජනාධිපතිවරණයේදී වෙන්ව දෙපාර්ශ්වයකට සහාය ලබාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු රූපවාහිනී සජීවී වැඩසටහනක් අතරතුර ගුටිබැට හුවමාරුවක් කරගෙන තිබේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ශක්ති ටීවී රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයක් අතරතුර ය.

එහිදී පලනි දිගම්බරම් මහතා සහ එම්. වේලුකුමාර් මහතා මෙසේ ගැටුම ඇතිකරගෙන තිබිණි. පක්ෂ මාරුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලදී ඔවුන් එකිනෙකාට බැනගත් අතර පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය විය.

පලනි දිගම්බරම් මහතා ඇතුළු දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන අතර එම්. වේලුකුමාර් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ඒ කඳවුර හා එක්ව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...