අපි අනුරගේ ජයග්‍රහණය සාමකාමීව සමරනවා. පැරදුණු අයට ගහලා පන්නන්නේ නෑ – විජිත හේරත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසුව ජාතික ජන බලවේගය පරාජයට පත්වූ දේශපාලන පක්ෂවල ආධාරකරුවන්ට පහර නොදෙන බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“මැච් එක අපි පටන් ගන්නෙ අතට අත දීලා. හැබැයි අපි මැච් එක අනිවාර්යයෙන්ම ගහනවා. එතකොට ඒගොල්ලො පරදිනවා. පැරදිච්චි කට්ටියව අපි ගහලා පන්නන්නෙ නෑ. සමහර අය කියනවානෙ මාලිමාව දිනුවාට පස්සෙ විරුද්ධවාදීන්ට කරදර කරනවා, විරුද්ධවාදීන්ගෙන් පළිගන්නවා කියලා. නෑ, කිසිසේත්ම නෑ. මාලිමාව මෙතෙක් කල් සාමකාමීව අපේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ආවා. අපි ඡන්දෙන් දිනුවාට පස්සෙත් ඉතාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව අපේ ජයග්‍රහණය සමරනවා. එනිසා මැච් එක පටන් ගන්නෙත් අතට අත දීලා, මැච් එක ඉවර කරන්නෙත් අපේ ජයග්‍රහණයෙන් අතට අත දීලා”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ කඩවත ප්‍රදේශයේ පැවති ප්‍රචාරක වැඩසටහනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...