ශ්‍රී ලංකා කණ්ඩායමට සැමදා නියං එකදා වැහි වලාවේ ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 21, (LNW) කොළඹ :

චමරි අතපත්තු පිත්තෙන් සහ පන්දුවෙන් පෑ තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව පැවති තෙවන තරගය ජය ගත්තේය.චමරි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.සරලම පෙණුම එය වුව ද,මේ තරගයේ දී සමස්ත කණ්ඩායම පෑ දස්කම් ඉහළින් තිබිණ.විශේෂයෙන් පන්දු යැවීමේ බල ඇණිය පෝෂණය කරන්නට මෙම තරගයට කැඳවා තිබුණු ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු ලබා නොගත්ත ද ඉතාම හොඳින් වේග පන්දුවට උචිත තණතීරුව මත පන්දු යැව්වාය.ඇයගේ පන්දු ඕවර් 10 න් පන්දු ඕවර් 5 ක් නිලකුණු පන්දු වාර විය.ලකුණු 7 ක් පමණක් ලබා දෙමින් ඇය කඩුල්ලක් දවා ගත්තාය.


විස්සයි තරග රටාවේ ලොව ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නියක වූ ඉනෝෂිට එක් දින තරගාවලියේ දී ලැබුණු පළමු තරගය මෙය විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීය වේගය වූ උදෙශීකා ප්‍රබෝධනීට වඩා වේගයෙන් පන්දු යැවිය හැකි අමා කාන්චනා මේ තරගයට කැඳවා තිබුණාය.

ආරම්භන පන්දු යැවීම භාර ගත් ඉනෝෂි සහ අචිනි කෞශල්‍යයා ඉදිරියේ අයර්ලන්තයේ ලකුණු යන්ත්‍ර එක එක ක්‍රියා විරහිත වන්නට විය.
තරගයේ 15 වන ඕවරයේ තෙවන පන්දුව වන විටත් පළමු තරග දෙකේ විස්කම් පෑ පිතිකාරිණියන් පස් දෙනෙකු වූයේ ක්‍රීඩාගාරයට නැවත හැරී ගොස්ය.ලකුණු පූවරුව සඳහන් වූයේ ලකුණු 28 ක් ලෙස ය.අචිනි කුලසූරියගේ නම ඉදිරියේ ලකුණු 35 ට කඩුලු 3 ක් සටහන් විය.නායිකා චමරි අතපත්තු ලකුණු 15 කඩුලු 3 ක් දවා ගත්තාය.


අයර්ලන්තය ලකුණු 28 කඩුලු 5 ක් අහිමිව තිබියදී මැද පෙළ සහ අවසන් පිතිකාරිණියන් එක්ව ලකුණු පූවරුව 122 කරා ගෙන ගිය හැටි පළමු තරග දෙක පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආදර්ශයක් ලෙස ගත හැකි පාඩමක්ය.අටවන කඩුල්ල ලකුණු 82 දී බිඳ වැටුණු පසුව ලකුණු සියයට මෙපිටින් අයර්ලන්ත ඉණිම නිමා වෙනු ඇතැයි සිතුවද නවවන කඩුල්ලට ලකුණු 23 ක සබඳතාවක් ද,අවසන් කඩුල්ලට ලකුණු 17 ක් ද එකතු කර ඉණිම ලකුණු 122 දක්වා ඉහළ ගිය ආකාරයට ශ්‍රී ලංකාව පරාජය වූ දෙවන තරගයේ දී නිලක්ෂි ද සිල්වාට සහය වෙමින් කඩුල්ලේ රැදී සිටින්නට ශ්‍රී ලංකාවට ද ක්‍රීඩිකාවක් උන්නානම් තරගාවලියේ ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබිණ.


ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගාවලියට එක් වූ නායිකා චමරි මේ තරගයේ දී පළමු වරට හොඳ ඉණිමක් ගොඩ නැඟුවාය.පන්දු 49 දී ඇය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 48 ක් එකතු කළාය.විශ්මි සහ ඇය අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 32 ක් විය.මේ සංචාරය පුරාම පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දක්වන්නී හර්ෂිතා සමරවික්‍රම සහ ඇය අතර දෙවන කඩුල්ලට එකතු වූ ලකුණු සබඳතාවය ලකුණු 62 ක් විය.චමරිගේ දැවී යමෙන් පසුව මෑත කාලයේ හොඳම කඩුලු සබඳතාවයක් සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිතර මතුවන හර්ෂිතා – කවීශා දිල්හාරි එක්ව තරගය ජයග්‍රහණය කරා රැඟෙන ගියේ ශ්‍රී ලංකාවට කඩුලු 8 ක් ජයක් අත් කර දෙමින්ය.හර්ෂිතා මාධවී නොදැවී ලකුණු 48 ක් ලබා සිටියාය.
පහතින් දැක්වෙන්නේ තරගාවලියේ තරග දෙකක් පරාජය වුව ද,ජයගත් එකම තරගය සැමදා නියං එක දා වැහි වලාවේ ආකාරයෙන් ශ්‍රී ලංකාව ජය ගත් තරගයේ ලකුණු පූවරුවය.→ https://es.pn/46VJLev

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...