ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය කොටස් වාර්තාගත ලෙස පහතට

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ නොවැම්බර් 5 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට දින 78ක් තිබියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බහුතර හිමිකාරීත්වය දරන ට්‍රම්ප් මීඩියා ඇන්ඩ් ටෙක්නොලොජි ගෲප් (DJT)හි කොටස් මිල වාර්තාගත ලෙස පහත වැටි ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ(20) දිනය වන විට ට්‍රම්ප් මීඩියා හි කොටස් මිල ඩොලර් 21.33 දක්වා පහත වැටුණු අතර එය සියයට 4%කට වඩා අඩු වීමකි.

මිට අමතරව ඩොලර් බිලියන 4.3 ක පමණ වෙළඳපල වටිනාකමක් ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන වත්කම වන Truth Social යෙදුම ද ඩොලර් මිලියන 16.4 ක පමණ පාඩුවක් සනිටුහන් කර ඇති අතර මෑත සතිවල ඡන්ද විමසීම් සහ මැතිවරණ ඔට්ටු ඇල්ලීමේ වෙලඳපොලවල ට්‍රම්ප්ගේ අඩුවෙමින් පවතින ප්‍රමුඛතාවය ඔහුගේ මාධ්‍ය කොටස් අඩුවීමට බලපා තිබේ.

ඒ අනුව, එය ට්‍රම්ප් දෙවන වාරය ජයග්‍රහණය කරයිද යන්න සම්බන්ධයෙන් ජනතාව අතර සැක සංකා ඇතිකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...