*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

වෛරීය සහ කයිවාරු දේශපාලනය ප්‍රතික්ෂේප කර ජනතාවට ඇත්ත කියන ජනපති රනිල්ට වසර පහකට බලය දෙමු – ලන්සා

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

මේ රට ගොඩනැංවිය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි” පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

මේ රටේ අනාගතය තීරණය වන මෙම මැතිවරණයේදී වෛරීය සහ කයිවාරු දේශපාලනය ප්‍රතික්ෂේප කර ජනතාවට ඇත්ත කියන රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහකට බලය ලබාදීමට මෙරට බුද්ධිමත් ජනතාව මේ වනවිට තීරණය කර අවසන් බවත් මේ රට ගොඩනැංවිය හැකි එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව ඔලැන්රා හෝටලයේ පැවති මීගමුව – කටාන ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“අපි නායකත්වය ලබා දුන් සියලු දේ ජයග්‍රහණය කළා. ජනතාව සමග මහ පොළොවේ සිටින අය දේශපාලනය තුළ ඉදිරියට රැගෙන ආ යුතුයි. රැල්ලට ගිහන් ජනතාවට උදව් නොකරන පිරිස් ගෙන ඒමෙන් ජනතාවත්, රටත් ආපස්සට යනවා. ගම, නගරය, රට හදන්න පුලුවන් නායකයෙක් බලයට ගේන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතා හැර මේ රට හදන්න පුලුවන් කෙනෙක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර මහතා ගත්ත්ම අහසට පොළොව වගේ. රස්සාවක්, ව්‍යාපාරයක් කරලා නැති කෙනෙක්ට රටක් හදන්න බැහැ. ඒ අයට රටක් කරන්න අද්දැකීමක් තියෙනවද ? ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්න පුලුවන්ද ?

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේද්දිත් අපි කිව්වා ගේන්න එපා කියලා. ජනතාව තමා ගෙනාවේ. ඊට පස්සේ අපිත් වැඩකළා. අන්තිමට වැඩ කරපු මිනිස්සු අයින් වුනා. ඒ නිසා ජනතාව තීන්දු කළ යුතුයි මේ රට කරන්න පුලුවන් කාටද කියලා. සජිත් ප්‍රේමදාස මහතාට පුලුවන්ද රට කරන්න. එතුමා ලග ඉන්න අය කියන කතා ඇහැව්වාම, එතුමා අමාත්‍යාංශය කරපු හැටි දැක්කම තේරෙනවා එතුමට රට කරන්න බැහැ කියලා. රස්සාවක් නොකරපු, ව්‍යාපාරයක් නොකරපු අය, අද්දැකීමක් නැති අයට රටක් කරන්න බැහැ. මේ රට තියෙන තත්ත්වය අනුව ජාත්‍යන්තරය එක්ක සබඳතා තියෙන රනිල් වික්‍රමසිංහට හැර වෙනත් අයෙකුට මේ රට ගොඩ ගන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිම මන්ත්‍රීවරුන් පිරිස එතුමා සමග එකතුවෙලා ඉන්නවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට කීවා මහින්ද රාජපක්ෂ මහතා අයින් කරලා විපක්ෂයට එන්න කියලා. සජිත් ප්‍රේමදාස මහතාට කිව්වා ඒ වෙලාවේ භාර ගන්න කියලා. හර්ෂ කීවේ මේක භාර ගත්තොත් ආයේ බලයට එන්න බැහැ කියලා. අනුර කුමාරට ආරාධනා කළා. බැහැ කීවා. වජිර ඇමතිතුමා අපි රනිල් වික්‍රමසිංහ මහතා හම්බවුනාම භාර ගන්න පුලුවන්ද කියලා ඇහැව්වම පුලුවන් කියලා කීවා. අද ලෝකයම කියනවා රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු දෙකටම කරපු දේ පාතිහාර්යයක් කියලා. අද ලෝකයම පිලිගන්නවා කෙටි කාලයක් තුළ වෙනස් වුන ප්‍රධාන රටක් කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හැර වෙන කෙනෙක් පාර්ලිමේන්තුව තුළ නැහැ. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර, විජේදාස රාජපක්ෂ, නාමල් රාජපක්ෂත් ඒ දේ දන්නවා.

නාමල් රාජපක්ෂලගේ දේශපාලනය නිසා තමයි අර මයිනා ගෝ ගමට ගහන්න ගිහිල්ලා රටක්ම ගිනි බත් කළේ. ඒ අය කරපු වැඩේ නිසා තමා ගම්වල හිටපු පාක්ෂිකයින්ට, අපිට වන්දි ගෙවන්න සිදු වුනේ. රට වට්ටලා, ආර්ථිකය විනාශ කරලා තවත් එනවා ජන්දය ඉල්ලන්න.

පසුගිය කාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, කැබිනට් ඇමති නාමල් රාජපක්ෂ, අනිත් කැබිනට් ඇමති චමල් රාජපක්ෂ ඉතින් රට කරන්න තිබුනනේ. රට වට්ටලා, ආර්ථිකය වට්ටලා, අපිව විනාශ කළා. අපේ අවුරුදු තිහක දේශපාලනය නැති කළා.

දැන් මේ රට යන විදියට යන්නනම් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් නායකයෙක් නැහැ. වෙන විකල්පයක් ගැන හිතුවොත් මාස තුනයි, මාස හයයි. කලින් තත්ත්වයටත් එහා යනවා.

රටේ ජනතාව දැන් රනිල් වික්‍රමසිංහ මහතා ගැන කතා කරනවා. රට මේ විදිහට යන්න ඕනේ නැතිනම් මේ රට බංගලිදේශය වගේ වෙයි කියලා. ජනතාවට ඒ ගැන තේරෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිම දේශපාලන පක්ෂ ප්‍රමාණයක් එකතුවෙලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් එකතුවෙලා ඉන්නවා. අද ජනාධිපතිතුමාගේ රැස්වීම් වල විශාල සෙනගක් එකතු වෙලා ඉන්නවා. මේ රට පොඩ්ඩක් එහාට මෙහාට ගියොත් බංග්ලාදේශයට එහා වෙනවා යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,

” මම සාමාන්‍යයෙන් අපේ ජනතාව අහන ප්‍රශ්න වලට සෘජුවම උත්තර දෙන කෙනෙක්. ජනතාව අහනවා මේ දවස්වල ඔබ තුමාගේ දේශපාලන පක්‍ෂය මොකක්ද කියලා. මම දෙන උත්තරය තමයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තමයි. එහෙම නැත්තම් පොහොට්ටුව. අපි හිටපු ඒ දේශපාලන පක්‍ෂය අද වෙන ගමනක් යනවා. 2022 දි ඇති වුනු තත්වය එක්ක අපේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැතිවරයා බවට පත්කලා. ඊට පසුව ජනාධිපතිවරයා බවටත් පත් කලා. එදා මහින්ද සුලග එක්ක නිමල් ලන්සා මැතිතුමා වගේම, පලාත් සභා හා පලාත් පාලන අපේ නියෝජිතවරු එදා එකතු වෙලා පොහොට්ටු පක්‍ෂය නිර්මාණය කළා. එදා තුනෙන් දෙකක බලයක් අපට ලැබුනා. මන්ත්‍රි ආසන 156 හිමි වුනා. එයින් 104 ක් අද රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා, 2022 දි අපේ රට කඩා වැටුනු ආර්ථිකයක් තිබුනු අවුල්වුනු රටක්. ඒක නිවැරදි මගට ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. දැන් අපේ නායකයෝ කියනවා රනිල් මහතා එක්ක හිටගන්න එපා කියලා. ඒක වැරදියි, 2022 අවුරුද්දේ රට වැටුනම නායකයෝ ටික විදේශගත වුනා. සමහරු හැංගුනා. ඔබට මතක ඇති ඒ කාලේ හර්ෂද සිල්වා මහතා, මහ බැංකු අධිපති වරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡ‍ා කලා.

එලියට ඇවිල්ලා කිව්වේ මොකක්ද. මේක ගොඩ ගන්න බෑ කියලා. නමුත් දුක් විදින ජනතාව වෙනුවෙන් රටේ බර කරට ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා විතරයි පුළුවන් කිව්වේ. එතුමා වැඩේ පටන් ගත්තා. රට ගොඩ දැම්මා. එදා හිටපු නායතයෝ අසමත් වෙන්නයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමත් වෙන්නයි හේතුව මොකක්ද ? ගෝඨාභය විදේශගත වුනා. මහින්ද බැසිල් ඉල්ලා අස්වුනා. නාමල්, චමල්, ෂශේන්ද්‍ර සියලු දෙනාම එදා කැබිනට් එකේ හිටියා. නමුත් රටේ අර්බුදයට මුහුණ දෙන්න බැරි වුනා.

කොවිඩ් නිසා ආර්ථිකය වැටිල තියෙන වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමාට අපි එදා කිව්වා පොහොර ප්‍රශ්නය ඒ විදියට විසඳන්න එපා කියලා. නමුත් ගොවියො ටික නැති කර ගත්තා. ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නෙට කල් මැරුවා. ගුරුවරු ටික නැති වුනා. ඒ විදියට තමයි එදා ප්‍රශ්න විසදුවේ. එදා සාමකාමිව පැවති අරගලය ප්‍රචන්ඩත්වය කරා ගෙන ගියේ අපේම අය. බංග්ලාදේශය අද අරාජිකයි. අපිටත් අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් පිටින් ගේන්න ලෑස්ති වුනා. ඒ වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටට නායකත්වය දුන්නේ. එතුමාගේ විශේෂත්වය තමයි එදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරියට වැඩ කරවා ගත්ත එක. ලෝකයේ රටවල් වලින් ආධාර අරගෙන රට ගොඩ දැම්මා. ආගම් බේද, ජාති භේද, නිල්, කොළ, රතු පාට වලින් භේද නිර්මාණය නොකර මුළු මහත් ජාතියටම සාමය උදා කලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. මැතිවරණ 27 ක දී අපි එතුමාට විරුද්ධව කටයුතු කලා. නමුත් අද අපි එතුමා සමග හිට ගත්තේ රට වෙනුවෙන්. මම මේ අවස්ථාවේ ඔබට ආරාධනා කරනවා වෛරී දේශපාලනයෙන් තොරව රට ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනි සිටින්න කියලා.

ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා

“නිවැරදි තීන්දූ තුළ ඉදිමින් එම තීන්දු ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු කණ්ඩායමක්. බලාපොරොත්තු රාශීයක් හිතේ තියාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි නියෝජනය කළා. නමුත් ටික කාලයක් යනකොට රටේ දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක් ඇති කළා. දේශපාලන, ආර්ථික, සමාජීය අර්බුදය තුළ ජනතාවට දැනෙන්න ගත්තේ එක පැත්තකින් විතරක් නෙවෙයි. කෘෂිකර්මාන්තය, සංචාරක, ධීවර කේෂ්ත්‍රයන් කඩාගෙන වැටෙනකොට ජනතාවට මුහුණ දුන්න පීඩාව නිසා අපි විශාල අපහසුතාවයකට පත්වුනා. ඒ සමග රටේ ඇතිවුනු අරගලය හා සිද්ධි මොනවද කියලා ජනතාව දැන් දන්නවා. රට භාර ගන්න සජිත් ප්‍රේමදාස මහතාට කතා කළා. ආසයි බයයි නිසා එතුමා එතනින් අයින් වුනා. වගකීම ගත්තෙ නැහැ. අනුර කුමාර දිසානායක මහතාට කතා කළා. එතුමා වගකීම භාර ගත්තෙ නැහැ. අවසානයේ පාර්ලිමේන්තුවේ තනි නියෝජනයක් කරන රනිල් වික්‍රමසිංහ මහතාට මේ වගකීම පවරන්න සිදු වුනා. වගකීම භාර ගත්තා විතරක් නෙමේ ඒ දැවැන්ත අභියෝගයට රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දුන්නා.

සමහර අය හිතන්නේ රටක් පාලනය කිරී හරි ලේසියි කියලා. පත්වුනු අර්බුදයෙන් රට ගොඩගන්නනම් නිවැරදි නායකයෙක් ඉන්න ඕනේ. සෘජු හා දර්ශනයක් තියෙන නායකයෙක් ඉන්න ඕනේ. රට පිළිබඳව ජාත්‍යන්තරය පිළිබඳ අවබෝධයක් තියෙන නායකත්වයක් තියෙන්න ඕනේ. ඒ නායකත්වය වර්තමානය තුළ දිකින්න තියෙනවා. රටේ තිබූ ඛේදනීය තත්ත්වයෙන් රට ගොඩගත්තා. හෙට දවසේ දරුවන්ට පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා.

මේ රට තියෙන්නේ කාල බෝම්බයක් උඩ. මේ කාල බෝම්බය පිපුරුනොත් මේ රට විතරක් නෙමේ ජනතාවත් විනාශ වෙනවා. එහෙනම් මේ කාල බෝම්බය නිශ්ක්‍රීය කරන්න ඕනේ. නිශ්ක්‍රීය කරන්නනම් අද්දැකීම් තියෙන, පලපුරුද්ද තියෙන කෙනෙකුට වගකීම භාර දෙන්න ඕනේ. ඒ එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

අනුර කුමාර දිසානායක මහතාට මේ රටේ ජනාධිපති වෙන්න බැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවේ කැබිනට් ධීවර ඇමති හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය. නියෝජ්‍ය ඇමති වෙලා හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්. ඒ කාලේ ධීවර කේෂ්ත්‍රයට මොනවද කළේ. සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කළා අපේ මන්ත්‍රීවරුන් එක්කෙනක් හරි අරන් පෙන්නනන් කියලා. අද සජබය ඛෙදනීය තත්ත්වයට පත් වෙලා. අද වෙනකොට සජබෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 ක් ඇවිල්ලා. තව දින 7 ක් යනකොට සජබෙන් තව කොච්චර එනවද කියලා බලා ගන්න පුලුවන්. දූරදර්ශී, අරමුණක් තියෙන පැහැදිලි නායකත්වයක් තියෙන රනිල් වික්‍රමසිංහ මහතාට රටේ වගකීම භාරදිය යුතුයි

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගියවන්න, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පියල් නිශාන්ත, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, මොහොමඩ් මුසම්මිල්, මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan