තලතා මන්ත්‍රී ධූරය අතහරී. සමගියෙනුත් යයි!

Date:

කොළඹ LNW:සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්විය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් මෙන්ම සමඟි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත්වන බවයි.

2020 වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට නිහඩ යෝජනාව සමගි ජන බලවේගය නිර්මාණය කරමින්කටයුතු කළ නමුත් අනාගතය ගැන නොසිතා ගත් එම තීන්දු නිසා දැවැන්ත පක්ෂයක් දෙකට වීමට අවස්ථාව සැලසුනු බවයි ඇය පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදී කටයුතු කිරීමට සිදුවීම තුළ තමාගේ හෘද සාක්ෂිය අනුව ක්‍රියා කිරීමේ දැඩි අපහසුතාවයකට පත් වූ බවද අතුකෝරල මහත්මිය කියා සිටියාය.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ඇය සමඟි ජන බලවේගය තුළද සක්‍රීයව දේශපාලන කටයුතුවල නොයෙදුණ අතර ඇය අවධාරණය කරමින් පැවතියේ මෙම කණ්ඩායම් දෙක නැවත එක්විය යුතු බවයි.

මේ අතර ඉදිරි ජානාධිපතිවරණය වෙනුවෙන් ඇය සිය පැරණි නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය දක්වනු ඇති බවද වාර්තා වෙයි.

2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු වූ ගාමිණී අතුකෝරල මහතාගේ නැගණිය වන ඇය ගාමිණි අතුකෝරල මහතාගේ අභාවයෙන් පසුවයි දේශපාලනයට පිවිසියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...