අද තරගයට පිතිකරුවන් හතයි – වේග පන්දු යවන්නන් තුනයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 21, (LNW) කොළඹ :

එංගලන්තය සමඟ අද මැන්චෙස්ටර් හී ඇරඹෙන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

වේග පන්දු යවන්නන් තිදෙනෙක් කැඳවා ඇති අතර  ඒ තිදෙනා අප ඊයේ පැවසූ පරිදි අසිත ප්‍රනාන්දුු,විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායකය.නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය කටයුතු කරන අතර පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයින් වන කමිඳු මෙණ්ඩිස්ට සහ නායක ධනංජය සිල්වාට ද දඟ පන්දු යවන්නන් ලෙස කටයුතු කරන්නට වගකීම් පැවරෙනු ඇත.ඇන්ජලෝ මැතිව්ස් ද මද වේග පන්දුවෙන් එංගලන්ත තණතීරුවල දස්කම් දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ය.

තරගයට සහභාගි වන කණ්ඩායම 

ධනංජය සිල්වා,දිමුත් කරුණාරත්න,නිශාන් මධුශ්ක,කුසල් මෙණ්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,දිනේශ් චන්දිමාල්,ප්‍රභාත් ජයසූරිය,අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...