වගා හානි වන්දි වැඩි කිරීමට ජනපතිගේ එකඟත්වය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන්නැයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය ඊයේ (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව සඳහන් වේ.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (20)පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වී ගොවි ගැටළු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී එම ගොවි සංවිධානය විසින් අමාත්‍යවරයා වෙත යෝජනා මාලාවක් ද ඉදිරිපත් කළ අතර , ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනා අතර ප්‍රමුඛ යෝජනාවක් වුයේ මේ වනවිට සෑම වසරකම නියඟය, ගංවතුර සහ වනසතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ යමින් පවතින නිසා වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින් කිසිදු දායකත්ව මුදලක් ලබා නොගනිමින් ගෙවනු ලබන රුපියල් 40,000ක වන්දි මුදල රුපියල් 100,000ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව වගා හානි සිදුවන හෙක්ටයාර් එකකට රුපියල් 250,000ක වන්දි මුදලක් හිමි වන අතර , මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් 100,000ක් වශයෙන් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වී ඇති බවත් සඳහන් කළේය.

මෙම වගා හානි වන්දි ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ නියඟය, ගංවතුර හා වන සතුන්ගෙන් සිදුවන වගා හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරේ. ඒ අනුව බෝග වර්ග හයක් මෙම කෘෂි රක්ෂණය වැඩ පිළිවෙළ යටතේ ආවරණය කෙරේ. වී, බඩඉරිඟු, මිරිස්, ලූණු, සෝයා බෝංචි සහ අර්තාපල් එම බෝග වර්ග හයයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වගා හානි වන්දි ලබා දීමේ දී ගොවි ජනතාවගෙන් කිසිදු දායකත්ව මුදලක් අය නොකිරීමයි.

මෙම යල කන්නයේ අධික වර්ෂාව නිසා සිදුව ඇති වගා හානි සඳහා කඩිනමින් වගා හානි වන්දි ලබා දීම සඳහා තමන් කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළ අතර , ආනයනික කෘෂි උපකරණ සඳහා රජය තීරු බද්දක් අය නොකරන බව කී අමාත්‍යවරයා සියලු කෘෂි උපකරණ ආනයනය කිරීමේ දී සියලු බදුවලින් නිදහස් කිරීමට රජය පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය. අගය එකතු කළ බද්ද ඇතැම් කෘෂි උපකරණ සඳහා අය කළත් එම බදු මුදල් නැවත අය කර ගත හැකි වීමේ පදනම මත (Refundable) පනවා ඇති බව ද සඳහන් කර සිටියේය.

එමෙන්ම වගා හානි වන්දි ලබා දීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළේ රජය විසින් බවත්, ඒ සඳහා ගොවීන් පාරට ඇද දැමීමට බලා සිටින ඇතැම් දේශපාලන පක්ෂවල ගොවි නියෝජිතයින් යැයි කියා ගන්නා පිරිස් හෝ මැදිහත් නොවූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...