ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ජාලය 150 වැනි කඩඉම පසු කරයි ! (PHOTOS)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 150 වැනි අයිටී කැම්පස් ශාඛාව මාතර, දෙවිනුවර උත්පලවන්නා ශ්‍රී විශ්ණු මහා දේවාලයේ විවෘත කර තිබේ.

උත්පලවන්නා ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මධුශංක මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු 16 වනදා එම අයිටී කැම්පස් ශාඛාව විවෘත කරන ලදී.

මෙම අයිටී කැම්පස් ශාඛාවෙහි පරිගණක භාෂා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 400 කි.

මෙම අවස්ථාවට පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමි, ප්‍රදේශයේ විදුහල්පති මහත්ම මහත්මීන්, පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ගුරුභවතුන්, වෙළඳ ව්‍යාපාරික මහතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවෙහි වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. මෙය රැකියා ඉලක්කගත පාඨමාලාවක් වන අතර මෙම පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ වේ. එමෙන්ම ඔවුන්ට මොරටුව, කැළණිය සහ රුහුණ යන විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලා හදාරමින් වැඩිදුර අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ වරම් ද හිමිවේ.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රුපියල් ලක්ෂ 25ක් වටිනා පරිගණක භාෂා පාඨමාලාවට යොමුකිරීමට ඔබේ ළඟම ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...