යුරෝපා සංගමයේ අවසන් තීන්දුවට චීනයෙන් දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:යුරෝපා සංගමය ඉදිරිපත් කළ චීනයේ විදුලි මෝටර් රථ සඳහා සහනාධාර විරෝධී බදු පැනවීම පිළිබඳ අවසන් තීන්දුව සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

‍එම අවසන් තීන්දුව සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශක ඊයේ (20) සඳහන් කළා.

එම නඩුව විමර්ශනය කිරීමේදී චීන රජය හා අදාළ විදුලි මෝටර් රථ සමාගම් යුරෝපා සංගමයේ අසාධාරණ මෙන්ම නීත්‍යනුකූල නොවන ක්‍රියාවන්ට එරෙහි නීතිමය ලේඛන සහ සාක්ෂි සටහන් වාර්තා දස දහස් ගණනක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

යුරෝපා සංගමය මෙවර ඉදිරිපත් කළ අවසාන තීන්දුවට චීනයේ අදහස් නිසි පරිදි ඇතුළත් කර නොමැති අතර සිය වැරදි ක්‍රියාවන් අනුගමනය කරමින් අධික බදු පැනවා තිබෙනවා.

එම අවසාන තීන්දුව යුරෝපා සංගමය ඒකපාර්ශ්විකව සකස් කළ දෙයක් මිස එය දෙපාර්ශ්වය පොදුවේ පිළිගන්නා තීරණයක් නොවන බව ද චීන වාණිජ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...