අද ජනපතිට අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

අද (21)දින ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

එම අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහතින්.

1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana Mickeviciene) – තානාපති – ලිතුවේනියා ජනරජය
2. ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) – තානාපති – වියට්නාම් සමාජවාදී ජනරජය
3. මාලර් තන් ටයික් මහත්මිය (Marlar Than Htaik) – තානාපති – මියන්මාරය
4. පර්සි පැස්ටන් චන්දා මහතා (Percy Patson Chanda) – මහකොමසාරිස් – සිම්බාබ්වේ
5. අන්දාලිබ් එලායස් මහතා (Andalib Elias) – මහකොමසාරිස් – බංග්ලාදේශය

අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සුහද කතා බහක ද නිරත වුණා.

විදේශ කටයුතු සහ අධිකරණ බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...