අද ජනපතිට අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

අද (21)දින ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

එම අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහතින්.

1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana Mickeviciene) – තානාපති – ලිතුවේනියා ජනරජය
2. ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) – තානාපති – වියට්නාම් සමාජවාදී ජනරජය
3. මාලර් තන් ටයික් මහත්මිය (Marlar Than Htaik) – තානාපති – මියන්මාරය
4. පර්සි පැස්ටන් චන්දා මහතා (Percy Patson Chanda) – මහකොමසාරිස් – සිම්බාබ්වේ
5. අන්දාලිබ් එලායස් මහතා (Andalib Elias) – මහකොමසාරිස් – බංග්ලාදේශය

අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සුහද කතා බහක ද නිරත වුණා.

විදේශ කටයුතු සහ අධිකරණ බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...