පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය දැන් තියෙන්නෙ අපිට – මැකොස

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ බලය අමාත්‍යවරයා සතුවීම සාධාරණ නොවන බවත්, එය මැතිවරණ කොමිසම සතු වියයුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා. කෙතරම් සාධාරණ හේතු මත මැතිවරණය කල්දැමුවද එය දේශපාලන හේතු මත සිදුවූවක් බවට ඇතැම් පාර්ශ්වවලට පෙනී යා හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ නිසා පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ බලය මැතිවරණ කොමිසම වෙත ලබාදෙන ලෙස යෝජනා කර ඇති බවද සභාපතිවරයා සඳහන් කරනවා.

පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයාට හිමි බලතල අනුව ලබන මාර්තු දක්වා මැතිවරණය කල්දමා ඇති නමුත් සැප්තැම්බර් මාසයෙන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවන බවත් ඒ අනුව හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් පුංචිහේවා මහතා ප්‍රකාශ කරනවා.

වසර ගණනාවක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණයද හැකි ඉක්මනින් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරනවා. මැතිවරණ ක්‍රමයේ සංශෝධන සිදු කිරීමට තීරණය කිරීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇති අතර කෙසේ නමුත් සභාපතිවරයා පවසන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා සාමාන්‍ය නීති සංශෝධන හරහා පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවයි.

මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවේදීද මැතිවරණ කොමිසම විසින් පෙන්වා දී ඇති බව පවසන සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ අවශ්‍ය නීති සංශෝධන සිදුකර හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...