22 ට ඇතුළත් ඇතැම් වගන්තිවලට පොහොට්ටුව එරෙහි වෙන ලකුණු !

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට මැතිවරණ සඳහා තරග කිරීමේ අවස්ථාව අහිමි කිරීමට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වේ. අදාල වගන්තිය සහිතව 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමටයි අදාල මනන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබෙන්නේ.

ඔවුන් පවසන්නේ මෙම වගන්තිය ඇතුළත් කර තිබෙන්නේ එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් බවයි. පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් එවැනි වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සාධාරණ නොවන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.

මේ වනවිට 22 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර එය සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය අත්‍යවශ්‍ය වේ.

මේ අතර මහ මැතිවරණයකින් බලයට පත්වන පාර්ලිමේන්තුවක් වසර දෙක හමාරකට පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිවන අතර එය වසර හතර හමාරක් ලෙස සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමටද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා ගැනීමට පක්ෂය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමටද ඇතැම් මන්ත්‍රීවරුන් උත්සාහ දරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...