කුඩාවැල්ලේ ඝාතනය : නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට !

0
955

පසුගිය 15 වනදා තංගල්ල – කුඩාවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු සෙබළෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (20) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුල්මුඩේ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළෙකු වන අතර ඔහුව ඊයේ දිනයේදී අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය ප්‍රදේශයේදී ය.

අදාළ සෙබළා විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

මීට පෙර මෙම ඝාතනය සිද්ධියේ වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එය පැදවූ පුද්ගලයාව ද අත් අඩංගුවට ගෙන තිබිණි.

RN