*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ජනපති සිංගප්පූරුවට. වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනෙක් පත් කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) සහ හෙට (22) යන දෙදින තුළ සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං (Lee Hsien Loong) සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් (Ng Eng Hen), තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) යන මහත්ම මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක් වෙයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනෙක් පත් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින අද (21) සහ හෙට (22) දිනවලට අදාළ වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan