කොළඹ LNW:චීන රජයට අයත් සමුද්‍රීය පර්යේෂණ කටයුතු සිදුකරන ෂී යාන් 6 නෞකාව ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සදහා අවසර ඉල්ලා ඇති අතර මෙතෙක් ශ්‍රී ලංකා රජය ඒ සදහා අවසර ලබා දී නැත.
ශ්‍රී ලංකා රජයේ අවසර ලැබෙන්නේ නම් එම නැව එළැඹෙන ඔක්තෝබරයේ දී මෙරට මුහුදු සීමාවට ඇතුලු වීමට නියමිතයි.
ඒ අනුව ඔවුන් එම චීන කණ්ඩායම සමඟ පර්යේෂණ කටයුතු සදහා නාරා ආයතනය ද එක්වීමට නියමිත බව සඳහන්.
වාර්තා වන පරිදි ඉන්දියාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව කියවෙයි.
ඒ අනුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවෙයි.
ASK
