වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට (අගෝස්තු 22) බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...